24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දෙවන වරට රට රැකියාවකට යාම සඳහා අවස්ථාව ලබාදෙන්නේ රැකියාවේ නිරතව සිටියදී නිත්‍යානුකුල...

දෙවන වරට රට රැකියාවකට යාම සඳහා අවස්ථාව ලබාදෙන්නේ රැකියාවේ නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඩොලර් ඒවා ඇති යට පමණයි. එවන ඩොලර් ප්‍රමාණය අනුව තවත් සහන රැසක්.


විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍ය වරයා මේබව ප්‍රකාශ කළේ. ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට අද දින (24) කම්කරු අමාත්‍යංශයේදී ගුවන් ටිකට් පත් පිරිනැමූ අවස්ථාවේදීය .

විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය වරයා පැවසුවේය.තවද ඔවුන්ට ගුවන් තොටුපලේදි භාණ්ඩ මිලදි ගැනිම සඳහා ලබා දෙන බදු සහන ඉහළ දමන බවත්,නිවාස ඉදිකිරීම ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුඵ අනෙකුත් සහන ලබා දීමේදී රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් අමාත්‍ය වරයා සඳහන් කලේය .

අද දින ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තුසේවා රැකියා සඳහා කාන්තාවන් තිදෙනෙකු පිටත්ව යන අතර ඊශ්‍රායලයට සාත්තු සේවකයින් යැවීමේ වැඩසටහන යටතේ මේ වන විට 38 දෙනෙකු යවා ඇත. අමාත්‍ය වරයා ප්‍රකාශ කලේ ඊශ්‍රායෙල් රාජ්‍යය සමග අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව සාත්තු සේවකයින් 500 ක් යැවීමට බලාපොරොත්තු වන බවයි. විදේශ ගතව රැකියාව කිරීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස ඉතා හොඳින් තමන්ගේ හා රටේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලයුතු බවත්, එවිට එම රාජ්‍යයෙන් අපේ රටට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩිකර ගැනීමට පහසු වන බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කලේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments