ලිට්රෝ ගෑස් ලංකා සමාගම ට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීම සම්බන්ධව මාධ්‍යයන්ගේ පළ වන සාවද්‍ය ප්‍රකාශයන් සම්බන්ධව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කරුණු පැහැදිලි කරමින් එම සමාගෙමේ සභාපති මුදිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගම් අධ්‍යක්ෂක මණ්ඬලය රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් සමාගම විසින් කැබිනට් මණ්ඬලය නොමඟ යවා ඇති බවට මෙන්ම ලිට්රෝ සමාගම මූල්‍ය අවභාවිතය ක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ලිට්රෝ ගැස් ලංකා සමාගම තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.
2022 – 2023 ලිට්රෝ ගෑස් ජාත්‍යන්තර ටෙන්ඩරයේ අඩු ලංසුකරු වන siam gas ආයතනයට ඩොලර් මිලියන37ක පොරොත්තු ණයකර ලිපිය(SBLC) ලබාදීමට රාජ්‍ය භාණ්ඩාගාරය දේශීය හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපොහෝසත්වීම මෙන්ම siam gas සමාගම පොරොත්තු ණයකර ලිපිය (SBLC)නැතිව ගෑස් ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා කැබිනට් මණ්ඬලයේ තීරණය මත එම ගෑස් සැපයුම් ටෙන්ඩරය නවතා දැමූ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
ලෝක බැංකු මුල්‍ය පහසුකම් යටතේ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (100000) සැපයුම සඳහා oman trading ආයතනය තෝරාගනු ලැබුවේ කෙටිකාලීන මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී අඩුම මිල සඳහන් කළ siam gas ගෑස් සමාගමට වර්තමාන වෙළෙඳපොළ අධික ඉල්ලුම සඳහා අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් එකවර සැපයුම කළ නොහැකි බව එම සමාගම් දැනුම් දුන් නිසා බව සමාගම දන්වා සිටී.
ගෑස් මෙට්‍රික් ටොන් 15000 කෙටිකාලීන මිල ගණන් කැඳවීමේදී siam gas සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක නැව් ගාස්තු සඳහා අමෙරිකානු ඩොලර් 112 මිලක් ඉදිරිපත් කළ ද siam gas සමාගම ඉදිරිපත් කළ මිල අමෙරිකානු ඩොලර් 96ක් ලෙස පළවන මාධ්‍ය වාර්තා සමාගම ප්‍රතික්ෂේප කරනු ලබයි.
2022 ජුනි මාසය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම කිසිදු ගෑස් ප්‍රමාණයක් ආනයනය කර නොමැති බවට සිදු කොට ඇති අසත්‍ය ප්‍රකාශය ලිට්රෝ ගෑස් ලංකා සමාගම මගින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර සමාගම ජුනි මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 6976ක් ආනයනය කර ඇති බවත් ඒ සඳහා සමාගම නැව් ගාස්තු වශයෙන් ගෙවන ලද්දේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා අමෙරිකානු ඩොලර් 105ක් බව අවධාරණය කරයි.
2022 සිට 2023 ලිට්රෝ සමාගම විසින් ගෑස් මිල දී ගැනීමේ ටෙන්ඩරය සඳහා ඇතුළත් කරන ලද පොරොත්තු ණයකර ලිපිය (SBLC) ලබාදීමට ලිට්රෝ සමාගමට නොහැකි වූ බවට වාර්තා කොට ඇති මාධ්‍ය ප්‍රකාශයන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම තවදුරටත් ප්‍රතික්ෂේප කරයි.
එහි නිර්වද්‍යතාවය වනුයේ තෝරාගනු ලබන ගෑස් සැපයුම්කරු සඳහා ලිට්රෝ සමාගම විසින් මූල්‍ය වගකීමක් ලෙස ඩොලර් මිලියන 37 ක පොරොත්තු ණයකර ලිපි (SBLC) ලබාදීම ගිවිසුම් ප්‍රකාරව සිදුකළ යුත්තකී.2022 ජනවාරි මෙම ගෑස් ටෙන්ඩරය ලන්සු කැඳවා අවසන්වන අවස්ථාවේදී ලිට්රෝ ගෑස් ලංකා සමාගමට එම පොරොත්තු ණයකර ලිපි සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථාවරභාවය තිබුණද 2022 ජූනි මාසය වනවිට රටේ ආර්ථික තත්ත්වයන් හේතුකොට ගෙන ලිට්රෝ සමාගමට හෝ දේශීය හෝ ජාත්‍යාන්තර මූල්‍ය ආතයනයකට ඩොලර් මිලියන 37ක පොරොත්තු ණයකර ලිපි නිකුත් කිරීමට තරම් මූල්‍යමය ශක්තිමත් නොවු අතර කිසිදු මූල්‍ය ආයතනයක් ඒ සඳහා ඉදිරිපත් නොවීය. ලිට්‍රෝ ගෑස් සමාගම විකල්ප යෝජනා ඉදිරිපත් කළද siam gas ආයතනය කිසිදු නම්‍යශීලි යෝජනාවකට අකමැතිවූ අතර ඔවුන් කියා සිටියේ ඩොලර් මිලියන 37ක පොරොත්තු ණයකර ලිපිය (SBLC) ලබාදෙන තෙක් ගෑස් සැපයුම ලබාදිය නොහැකි බවයි.
එම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් සමාගම ගෙවීම් සිදුක හැකි අවම සහ පහසු මූල්‍ය තත්ත්වයන්ට අනුකූලව වර්තමානයේ මහජනතාවගේ සහ කර්මාන්තකරුවන්ගේ අධික ගෑස් හිඟය සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත හැකි විශ්වාසවන්ත සැපයුම් කරුවන් හරහා මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගයට මුහුණ දුන් බවත් 2022 ජූලි මාසය අවසන් වන විට ගෑස් පෝලිං අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන ගෙනඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කරයි.