අප්‍රේල් (09) ගාලුමුවදොරට පිටියට රටේ ඇතිවු අස්ථාවර භාවයත් සමග අරගල කරුවන් පැමිණිමත් සමග නවමු ආකාරයේ අරගලයක් සම්බන්ධයෙන් අත්දැකිමක් මෙරට ජනතාවට ලැබුනා. ඒ් අරගලයට මාස තුනක් අද(09) සම්පූර්ණ වෙනවා. ඒ් අනුව අද මුළු රට පුරාම සිටින ජනතාව කොළඹට ඇවිල්ලා ගෝඨාගෝ හෝම් කියන සටන් පාඨයට කියමින් එයාව ගෙදර යවන්න සූදානම් වෙමින් සිටිනවා.ඒ් නිසා දැන් මේ පාලකයො බියෙන් සලිත වෙලා සිටින්නේ. ඒ් අනුව ඒ් අයගේනැදෑයන්ව පිටරට යවනවා. ඒ්ක ප්‍රශ්නයක් නැහැ. අපිට ආරංචියක් තිබෙනවා ගෝඨාත් පැනලා යන්න හදනවා කියලා. ඒ්ක කරන්න දෙන්න බැහැ. මේ වෙලා තිබෙන විනාශයට එයා වන්දි ගෙවන්න ඔ්නේ. මොකද රටක ආර්ථිකය, සමාජය බිඳවට්ටලා තිබෙන්නේ ඒ් නිසා මේ අරගලය යුක්ති සහගත බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියි.
ඒ් මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියි. දැන් ජනතාවට ක්‍රියාමාර්ග දෙකයි තිබෙන්නේ එක්කො සටන් කරලා දිනන්න ඔ්නේ නැත්නම් විනාශවෙලා යන්න ඔ්නේ. ජනතාවට අනාගත බලාපොරොත්තුවක් නැහැ. හෙට අනිද්දා වෙනවිට කන්නත් නැතිවෙයි කියන ඒක ගැන ජනතාව හිතන්නේ. තෙල්පෝලිම් වල මියගිය 16වෙනියාත් වාර්තාවුණා කියලා මාධ්‍යවල වාර්තාවුණා. අපිට ජිවත් වෙන්න සටන් කරන්න වෙලා තිබෙනවා. නැත්නම් මරණය තෝරගන්න වෙනලා තීබෙනවා. ඒ් නිසා ජනතා අරගලය ඉතාම යුක්ති සහගතයි. ඒ් ආකෘතිය ගැන කියන්න අපි හදිසි වෙන්නේ නැහැ. ඇතැමුන් මෙහි ආකෘතිය මෙසේ විය යුතුයි එසේ විය යුතුයි කියලා කියනවා. ඒ් ගැන අපි කලබල විය යුතු නැහැ. එහි ආකෘතිය තිරණය වන්නේ එහි ස්වභාවය තිරණය වන්නේ රජය හා දේශපාලන පක්ෂ මිට දක්වන ප්‍රතිරෝධක මතයි. හැබැයි මොන ආකෘතිය යටතේ හරි විනයක් රකින්න සමාජ වගකීමක් රකින්න ක්‍රියාකරන්න කියලා අරගලයට එන ජනතාවගෙන් ඉල්ලනවා.
මේකට බියෙන් සලිකවි සිටින ආණ්ඩුව එක දේවල් කරනවා. ඒ් සඳහා සමාජ මාධ්‍ය හරහා විවිධ පච පතුරවමින් සිටිනවා. ශිෂ්‍ය විරෝධතා හා ජනතා විරෝධතා මර්දනය කරන්න අධිකරන නියෝග ගන්න ගියා. ඒ්ක බැරිවුනා. නිල නොලත් වැඩපිළිවෙල තිබෙනවා. කොළඹ ආරක්ෂාවට කියලා හමුදාල කැඳවලා. මේඅතර අයි.ඔ්.සි. ආයතනය තෙල් නිකුත් කිරීම නවත්වලා.
කම්කරු ව්‍යාපාරයෙන් ඉල්ලනවා වැඩවර්ජනය දින කිහිපයකට කල් දමන්න කියලා. මිනිස්සු විනෝදාංශයට පාරට බහින්නේ නැහැ. අරගලය කඩකප්පල් කරන්න එපා කියලා. සියලු සංවිධානවලින් ඉල්ලනවා අරගලය සාර්ථක කරමු. මුළු රටක ජනතාවක් තමයි මේ එකතුවි ඉන්නේ කියලා පෙන්නමු.අරගලයේ ජයග්‍රහණය කරමු ජනතා විජයග්‍රහණය කරමු.