රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ඉල්ලීම සිදු කළේ, විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන් ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.