ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස බොට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඔ්ස්ට්‍රේලියාව බලා පිටව යාමට සුදානම්ව මුහුදු තිරයේ රැදි සිටි කාන්තාවක් සහ පුද්ගලයින් 16 දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ටි.එම්.එම්.යු.කේ.බි. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) ඒරාවුර් පොලිස් වසමේ පුණ්ණකුඩි මුහුදු වෙරළ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස බොට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඔ්ස්ට්‍රේලියාව බලා පිටව යාමට සුදානම්ව මුහුදු තිරයේ රැදි මුලතිව් පෙදුරුතුඩුව, යාපනය, වව්නියා, කිලිනොච්චිය, වැල්වැටිතුරෙයි ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 29 ක කාන්තාවක් සහ පුද්ගලයින් 16 දෙනෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයකු රුපියල් දාහත් ලක්ෂ දාහදාහක මුදලක් සහ වැන්රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒරාවුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම කලාපය තුල නිරන්තර සෝදිසි කිරීම්
විශේෂ කාර්ය බලකාය මගින් සිදු කරනු ලබන අතර මෙවැනි වැටලීම දිගින් දිගටම සිදුකිරීමට කටයුතු කරනු ලබයි.
මේ අතර විශේෂ පොලිස් කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (11) කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් සැකකරුවන් නැතිව පසුගිය යුධ සමයේ භාවිතාකර අතහැර දමන ලැබු බවට සැකකෙරෙන ආර්.පි.ජි.උණ්ඩයක් සොයාගෙන තිබේ. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් , ගෝඩා සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.