ඓතිහාසික කතරගම පූජා නගරය ආශ්‍රිතව හෙරොයින් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩබ්.ජී.යූ. පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) තිස්සමහාරාම පොලිස් වසමේ රන්මිනි තැන්න, මිල් වත්ත මාර්ගයේ, තමර වැවට හැරෙන හංදිය අසල දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 04, මිලි ග්‍රෑම් 890 ක් ඓතිහාසික කතරගම පූජා නගරය ආශ්‍රිතව අලෙවි කිරීමට සිටි තිස්සමහරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 28 හා 33 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙමෙ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දුරබැහැර ප්‍රදේශ වල සිට කතරගම වන්දනාමාන කිරීමට පැමිනෙන බැතිමතුන් සදහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට කරුණු අනාවරනය කරගෙන ඇත.