22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මරණවලට සහතික දෙන හැටි

කොවිඩ් මරණවලට සහතික දෙන හැටි

නිවසේ දී මියයන ඕනෑම පුද්ගලයෙකුගේ මෘතදේහයක් මරණ පරීක්ෂකවරයෙකුගේ හෝ මහෙස්ත්‍රාත්වරයෙකුගේ නිර්දේශ මත පීසීආර් පරීක්ෂාවකට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම තීරණය කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශවලට මෙන්ම අවදානමක් නොමැති ප්‍රදේශවලටත් අදාළ වන බව ඔහු පැවසුවේය.

නිවෙසක මරණයක් සිදුවූ විට සෞඛ්‍ය අංශ සහ ග්‍රාම නිලධාරිවරයෙකුගේ අනුමැතිය සහිතව දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීම හෝ රෝහලකට ගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවේ.

කෙසේ වෙතත් මේ දිනවල නිවසේ දී මරණයට පත්වන පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චිතව තහවුරු වන තෙක් දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මළ සිරුර සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකරන්නේද?  නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ ප්‍රදේශයේ මරණ පරීක්ෂකවරයා හෝ මහෙස්ත්‍රාත්වරයෙකුගේ නිර්දේශයන්ට අනුවය.

මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩි අවදානමක් පෙන්නුම් කරන කොළඹ ආශ්‍රිතව රෝහල්ගත කිරීමට රැගෙන ඒමේදී මියයන හෝ මිනීමැරුමක්, සියදිවි හානිකරගැනීමක් වැනි අස්වාභාවික මරණ සිදුවූ අවස්ථාවල කොවිඩ් සැකසහිත නම් එවැනි මෘතදේහයන් සඳහා ද පීසීආර් පරීක්ෂණ සිදුකරයි.

මේ පිළිබඳ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වි‍‍ශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා,

“අපි මේ මෘත ශරීරය වහාම ශරීර බහාලන බෑගයක දාලා ඉවරවෙලා ‘කූල් රූම්‘ එකට දමනවා ආරක්ෂා සහිතව. ඒ බොඩ් බෑග්වලට දැම්මට පස්සේ විෂබීජ පිටවීමක් හෝ වෙනකාට හරි සම්බන්ධවීමක් වෙන්නේ නැහැ. දැනට දවසට දෙපාරක් අපි ගන්නවා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා. එතකොට මේ සාම්පල අපි අරිනවා වෛද්‍ය පර්යේෂණායතනයට මේ සාම්පලවල ප්‍රතිඵල අපිට ලැබෙන්නේ ගන්න දිනයේ රෑ 12ට විතර අපිට ෆැක්ස් එක ලැබෙන්නේ.“

රෝහලකදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන්නේ එම මරණය කොව්ඩ් ආසාදිත බවට සැකසහිත නම් පමණය.

මෙම ක්‍රියාවලියට අනුව පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කෙරෙන මෘත ශරීර සාමාන්‍ය පරිදි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාර කෙරෙයි. 

එසේ වුවත් පරීක්ෂණ ප්‍රතිඵල මත ආසාදිත බව තහවුරු වූ මෘතදේහ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කරන වි‍‍ශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා,

“පොසිටිව් අවස්ථාවලදී අපි කිසිම අවස්ථාවක පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැහැ. පවුලේ අයව සම්බන්ධ කරගෙන ඒ මියගිය පුද්ගලයා සම්බන්ධව අපි පුළුවන් තරම් තොරතුරු ලබාගන්නවා. වර්බල් ටොක්සි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන්නේ ඇත්තටම විස්තර ලබාගැනීමෙන් නිදන්ගත රෝගවලින් පෙලුණානම් අපි ඒ ගැනත් තොරතුරු ලබාගන්නවා. එතකොට මේ කොවිඩ් රෝගය නිසා යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කළාද විශේෂයෙන් ඒ මරණ සිදුවෙන්න දවසකට දෙකකට පැය ගානකට කලින් ඒ සිදුවීම අපි විස්තරාත්මකව ඒ ඥාතීන්ගෙන් ලබාගන්නවා. ලබාගෙන අපි අනුමාන කළ හැකි මරණයට හේතුවක් අපි ලබාදෙනවා. ඊට පස්සේ තමයි ඒ මෘත ශරීරය ආදාහන කටයුතු සඳහා භාරදෙන්නේ.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments