21.6 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsපොල්දූව හන්දියේදි විරෝධතාකරුවන් පහරදීම නිසා පොලිස් කොස්තාතාපල්වවරයෙක් හමුදා සෙබලකු තුවාල ලබා තිබෙන...

පොල්දූව හන්දියේදි විරෝධතාකරුවන් පහරදීම නිසා පොලිස් කොස්තාතාපල්වවරයෙක් හමුදා සෙබලකු තුවාල ලබා තිබෙන අතර ටි 56ගිනි අවි‌ දෙකක් පැහැරගෙන තිබේ.

පොල්දූව හන්දියේදි විරෝධතාකරුවන්ගේ පහරදීම නිසා පොලිස් කොස්තාපල් වරයකු හා යුධ හමුදා සෙබළකු තුවාල ලබා ඇති අතර සෙබලා සතුව තිබු ටී 56 ගිනි අවියක්ද පැහැරගෙන තිබෙන බව පොලිසිය දන්වා සිටියි.

බත්තරමුල්ල පොල්දූව හන්දියේදී (13) පැවැත්වු විරෝධතායක් පාලනය කිරීමට යෑමේදි පොලිස් නිලධාරියකු හා යුධ හමුදා සොල්දාදුවෙකු තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන්ගේ පහරදීම නිසා බරපතල ලෙස තුවල ලැබු පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු ලබන අතර මොහු මේවනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. යුධ හමුදා සෙබළාද විරෝධතාකරුවන්ගේ පහරදීම නිසා තුවාල ලබා ඇති අතර ඔහු වැල්ලවාය ප්‍රදේශයේ කඳවුරකට අනුක්තවය සිටින අතර තෙමාහු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පහර දෙන අවස්ථාවේ ඔහු සතුව තිබු ටි 56 ගිනි අවිය හා එහි ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ් දෙකක් විරෝධතාකරුවන් පැහැරගත් බවට බොරැල්ල පොලිස් ස්ථානයට වෙත පැමිණිලිකර තිබේ. ගිනි අවිය සොයාගැනීමට ඉදිරි විමර්ශන කටයුතු වැලිකඩ හා බොරැල්ල පොලිස්ථාන මගින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments