21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsඖෂධීය දැව ජවාවරමක සුලමුල එස්.ටි.එෆ්.සොයාගනී.

ඖෂධීය දැව ජවාවරමක සුලමුල එස්.ටි.එෆ්.සොයාගනී.

ඖෂධීය දැව වර්ගයක් වන කොතලහිඹුටු දැව කපා ප්‍රවාහනය සදහා සුදානම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට අනුරාධපුර ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) තඹුත්තේගම පොලිස් වසමේ තඹුත්තේගම මහවැලි ආර්ථික මධ්‍යස්ථානයේ රථගාල තුල දී වැටලීමක් සිදුකර කිසිදු නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව, ඖෂධීය දැව වර්ගයක් වන කොතලහිඹුටු දැව කිලෝ ග්‍රෑම් 510 ක් කපා ප්‍රවාහනය සදහා සුදානම් කර, සන්තකයේ තබාගෙන සිටි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තඹුත්තේගම අඩවියේ තම්මැන්නාව බීට්ටු වන නිලධාරි කේ.බී.ඩී. රොෂාන්ත මහතා වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (12) පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් ඔ්මන්ත පොලිස් වසමේ මහිලන්කූලම් වැව ආසන්න ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදනය කරන ලැබු වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගලේවෙල පොලිස් වසමේ බඹරගස්වැව, ගලේවෙල ලිපිනයේදි නීතිවිරෝධි ලෙස කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් සම්බන්ධ වරදක් හේතුවෙන් විභාගවු නඩුවකට පෙනි සිට නැවැත එම බන්ධනාගාරය වෙත රැගෙන ඒන ලැබු රැඳවියන් පරීක්ෂා කිරීමේදි ඉතා සූක්ෂමව සඟවාගෙන තිබු හෙරොයින් මිලිග්‍රෑම් 360ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් ගම්පහ පොලිස් වසමේ තම්මිට වෙල්යායයේදී නීති විරෝධිව මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments