22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsඅඹ සානා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ...

අඹ සානා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් අඹ ෂාන් වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) පෑලියගොඩ පොලිස් වසමේ අංක 289/12, පොල්හේන, කැළණිය ලිපිනයේ දී සහ අංක 286/60, කොස්කුඹුර වත්ත, ගෝනවල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඉකුත් ජූනි (21) පෑලියගොඩ මැනිං වෙළඳ සංකිර්ණයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ෂාන් වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් වයස අවුරුදු 26, 38, 39 ක වයැසැති කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවු සන්තකයේ තිබු යතුරුපැදි දෙකක් , ජංගම දුරකතන තුනක් , විවිධ පුද්ගලයන් ට අයත් ජාතික හැදුනුමිපත් හතරක් හා විදේශ ගුවන් බලපත්‍රයක් සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ජී.එස්.ඩී.සී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) කිලිනොච්චි පොලිස් වසමේ අරවියල් නගර් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 3. ග්‍රෑම් 535 ක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments