26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රට වෙනුවෙන් පුරවැසියෝ කතානායකට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.

රට වෙනුවෙන් පුරවැසියෝ කතානායකට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.

සර්වපාක්ෂික ආණ්ඩුවකින් ජනතාවට කඩිනමින් ඉටු විය යුතු යෝජනාවලියක් රට වෙනුවෙන් පුරවැසියෝ සංවිධානය කතානායක වෙත යොමුකරයි.

ජනතාවගේ මූලික හා ප්‍රධාන අවශ්‍යතාවයක් වූ ආහාර, විදුලිය, ඉන්ධන, ගෑස් යන ක්ෂේත්‍ර සඳහා දැනට උද්ගතවී ඇති අර්බුදය කඩිනමින් විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.
ජනතාව කුසගින්නෙන් මුදවා ගැනීම සඳහා මූලික ආහාර කඩිනමින් වෙළෙඳපොළ වෙත ලබාදීම.
කළු කඩ මාෆියාව මගින් තිබෙන ආහාර ද්‍රව්‍යයන් ද අධික මිලට අලෙවි කරන අතර එම කළු කඩ මාපියාව වැළැක්වීම සඳහා පාරිභෝගික අධිකාරිය බලාත්මක කිරීම.
ඒ සඳහා පාරිභෝගික අධිකාරි පනත පාරිභෝගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් සංශෝධනය කර සම්මත කර ගැනීම.
කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, වැඩිහිටියන්ට සහ රෝගී ජනතාවට අවශ්‍ය කිරි ආහාර හා කිරිපිටි කඩිනමින් ගෙන්වා බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
ජනතාවගේ සියලු ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව කඩිනමින් ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම.ඒ මගින් අත්‍යවශ්‍ය සේවා, ප්‍රවාහන සේවා ,පාරිභෝගික සේවා ,පාසල් සේවා ඇතුළු සෑම සේවාවක්ම යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
නාගරික ,අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ද බහුලව භාවිත වන ගෑස් හිගය නිසා ජනතාව පත් වී ඇති අර්බුදය කඩිනමින් විසඳීම. ගෘහස්ථ ගෑස්, හෝටල් සහ ආපනශාලා සඳහා අවශ්‍ය ගෑස් හා රෝහල් සඳහා අවශ්‍ය ගෑස් බෙදාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම. අඩු වියදමක් සහිත විකල්ප දහන පෝෂක ක්‍රම ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම.
විදුලිය නොමැති කමෙන් ජනතාව පත් වී ඇති අර්බුදය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත . කඩිනමින් විදුලි අර්බුදය විසඳීමට කටයුතු කළ යුතු අතරම රාජ්‍ය ආයතන වල විදුලිය නාස්තිය අවම කිරීමට කටයුතු කළ යුතුය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිලිබඳ රාජ්‍ය සේවයේ ලක්ෂ 18ක් වූ නිලධාරීන් ,සේවකයින් ඇතුළු පිරිස දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
එමෙන්ම විදුලි බල උත්පාදනය සඳහා ඇති විකල්පයන් සඳහා කඩිනමින් යොමු විය යුතුය.
ඖෂධ හිඟයකින් තොරව රෝගීන් සඳහා ලබා දීම. රෝහල්වල හිග ඖෂධ කඩිනමින් ලබා දීම. පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් වැනි අවදානම් රෝගයන්ට ගොදුරු ව ඇති රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ කඩිනමින් රෝහල් වෙත හා ඔසුසල් වෙත ලබා දීම.

රාජ්‍ය සේවයේ වියදම් සීමා කිරීම.
ආරක්ෂකයින් සීමා කිරීම , වාහන භාවිතය අවම කිරීම, ලිපි ද්‍රව්‍ය හා මුද්‍රණ කටයුතු සීමා කිරීම.විදේශ සංචාර අවම කිරීම, සහභාගීවන විදේශ සංචාරවලදී රටට රැගෙන එන ප්‍රතිලාභ පිළිබඳ වාර්තාවක් ලබාගැනීම.
අමාත්‍යාංශය විෂයට අදාල සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් උපදේශකයින් ලෙස පත් කිරීමට කටයුතු කිරීම.

ඉහත කාරණා පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ සියලූම අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලමු .රට වෙනුවෙන් පුරවැසියෝ සංවිධානයේ විධායක සභාව වෙනුවෙන්

ප්‍රසන්න අධිකාරි,පුලස්ති වන්නිආරච්චි,අසේල සම්පත්,ලක්මාල් වතුයාය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments