21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්රුපියල් මිලියන 4 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ...

රුපියල් මිලියන 4 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ (23) රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 14
ග්‍රෑම් 980  ක පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට
කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින්
මන්නාරම පොලිසීය හා එක්ව, මන්නාරම පේසාලේ ප්‍රදේශයේ 2022 ජුලි මස 23 වන
දින රාත්‍රී කාලයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, සිදුකරන
ලද පරීක්‍ෂාවකදී පාර්සල් හතක් (07) ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 14
ග්‍රෑම් 980 ක පමණ තොගයක් සන්තකයේ තබාගෙන සිටි  සැකකරුවෙකු (01) මෙලෙස
අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම
රුපියල් මිලියන 4 කට අධික වෙතැයි  විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන පේසාලේ ප්‍රදේශයේ
පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ අත්අඩංගුවට ගත් කේරළ
ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට
කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments