පිටකොටුව, රෙක්මලේෂන් පාරේ දී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත කර ඇති විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි එම වැටලීම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) පිටකොටුව, රෙක්මලේෂන් පාරේ දී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිකානමකින් යුත් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 25 ක කොළඹ 13 පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටකොටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අන්තරාදායක ලෙස ඩීසල් හා පෙටිට්‍රල් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව නිලධාරීන්ට ලද විශේෂ කා¬¬ බලකාය අම්පාර කඳවුරේ බුද්ධ් අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව, සියඹලාණ්ඩුව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.කේ. කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) නිසි බලධරයකුගෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 420 ක් අඩංගු ප්ලාස්ටික් ටැංකියක්, පෙට්ට්‍රල් ලීටර් 120 ක් අඩංගු ගැළුම් 06 ක් අන්තරාදායක ලෙස ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 56 ක සියඹලාණ්ඩුව, දෙවිනුවර පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තණමල්විල, බඹරගල දී ගංජා හේන් දෙකක් ද මේ අතර එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක ජි.එස්. නන්දසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) තණමල්විල, බඹරගල ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමක දී අඩි 03 ක් පමණ උස ගංජා ගස් සහිත වගාවන් දෙකක් සමග තණමල්විල හා ඇඹිලිපිටියේ පදිංචි වයස අවුරුදු 48 ක හා 37 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගංජා ගස් 10 ක් ගෙන ඉතිරි ගස් සියල්ල ගිණි තබා විනාශ කර ඇත.
ඖෂධීය වෙනිවැල්ගැට අනවසරයෙන් ඇදපු පුද්ගලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ජී.එස්. කුසුම්සිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) අනුරාධපුර, නැඟෙනහිර වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට බස් නැවතුම්පල අසල බස් රථයක් තුල දී බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට කිලෝ ග්‍රෑම් 310.7 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අවුරුදු 49 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිසාවැව බීට්ටු වන නිලධාරි කාර්යාලය වෙත භාර දී ඇත.


