මුල්‍ය මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිලා රට බංකොලොත් වන තෙක් බලාසිටීම පිළිබඳව fiscal responsibility act එක යටතේ භාණ්ඩාගාර ලේකම්ලා ඇතුaළු නිලධාරීන් හා monetary law act එක යටතේ ප්‍රශ්න කරනවා වෙනුවට පුරාවිද්‍යා පනතක් යටතේ අරගලකරුවන් මර්ධනය කිරීම කිසිසේත්ම යුක්ති සහගත නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ (25) දින පැවති වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමඟ 43 සේනාංකය පවත්වනු ලැබූ සාකච්ජාවක් අතරතුර දිය.
මෙම සාකච්ජාව සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා හා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව නියෝජනය කරමින් ධම්මික මුණසිංහ මහතාත් එක්විය.
එහිදී වර්තමාන ජනාධිපතිවරයා තේරී පත්වී දිනක් ගතවීමටත් පෙර ක්‍රියාකළ ආකාරය පිළිබඳව චම්පික රණවක මහතා මෙසේ අදහස් පලකරන ලදී.
“අපි හොඳටම දැක්කා වර්තමාන ජනාධිපතිවරයා තේරී පත්වෙලා දවසක් ඉක්ම යන්න පෙර ක්‍රියා කරපු ආකාරය. ඇත්තටම සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, බොහොම පහසුවෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස් ඉවත් කරන එක වෙනුවට මේ බලය පාවිච්චි කළේ වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. මේ අරගල භූමියේ සිටින අයත් එක්ක බද්ධ වෛරයෙන් ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කිසියම් ආකාරයක කාලකන්නි සතුටක් ලබා දීමේ වුවමනාවත් ඒ වගේම අනාගතයේ අරගල එනවා නම් තමන්ට විරුද්ධව මම දෙන්න යන විසඳුම මේකයි කියලා අරගලකරුවන්ට පෙන්වීමටත් තමයි ජනාධිපතිවරයා මේ කටයුත්ත කළේ.
ඉතින් මේ සමහරු සමාන කරන්න යනවා ඇමරිකාවේ කැපිටල් හිල් එක අල්ලගෙන හිටපු එක ගැන එහෙම. මතක තියාගන්න ඕනේ ඒක මෙහෙයෙව්වේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා. ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ගේ ජනවරමට විරුද්ධව. ඒ වගේම ඒ සඳහා ආයුධ අරගෙන ගියා. ඒ අයගේ ආධාරකාරයෝ. ඒ වගේම ඇමරිකාව බංකොලොත් වෙලා තිබුන් නෑ. ඉතින් ඒක නිසා ඒවයි මේවයි සංසන්දනය කරන්න බෑ. අපි බොහොම පැහැදිලිවම කියනවා මේක බරපතල ආකාරයක අයුක්ති සහගත දෙයක්. විශේෂයෙන්ම මේ රට බංකොලොත් සඳහා වගකිවයුතු භාණ්ඩාගාර ලේකම්ලා ඇතුළු නිලධාරීන්. ඒ වගේම මුල්‍ය මණ්ඩලය සහ මහ බැංකු අධිපතිවරයා වැනි පනස් පන් ලක්ෂයක් රටේ දරු පවුල් ටික පාරට ඇදලා දාපු නිලධාරීන් හා දේශපාලකයෝ එළියෙන් තියලා මේ පුරාවිද්‍යා පනත යටතේ අරගලකරුවන්ට දඬුවම් කරන්න යෑම, හදිසි නීතිය යටතේ අරගලකරුවන්ට පහර දීලා අතපය කඩන්න වීම, අත්අඩංගුවට ගන්න යාම කිසිසේත්ම යුක්ති සහගත නෑ විතරක් නෙවෙයි, මේකෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග ශක්තිමත් වෙන්නත් ඉඩ තියෙන බව මතක තබා ගත යුතුයි.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසා සිටියේ
ඉන් අනතුරුව එම සාකච්ජාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වී තෙල් ප්‍රශ්නයට, පාසල් වැසී යාමේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා වෙනුවට මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ඉතින් අපි මේ සම්පූර්ණයෙන් සූදානම් වෙන්නේ මේ මර්ධනයට පුළුල් පෙරමුණක් හදන්න. අපි ඒක නිසා තමයි සියලු පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ සියල්ල එක්කාසු කරගන මේ රනිල් වික්‍රමසිංහගේ, රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව යටතේ. රාජපක්ෂලා යටින් ඉඳගෙන කරන, මේ මර්ධනයට එරෙහිව පළල් පෙරමුණක් හදන්නේ. අපි මර්ධනයට එරෙහි වීම පමණක් නෙමෙයි, රනිල්ව ගෙදර යැවීමත් කරනවයි කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි.
ඉන් අනතුරුව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව නියෝජනය කරමින් අදහස් දැක්වූ ධම්මික මුණසිංහ මහතාද අදහස් දැක්විය.

