අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු වෙඩිතැබීමක් සිදුකර පලාගොස් ඇති බවට 119 පොලිසියේ හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් පුද්ගලයකු මියගොස් තිබේ. මරණකරු වයසඅවුරුදු 49,44ක් වන ගලගොඩ, කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. මෙම වැඩිතැබීමේ සිද්ධිය ඉකුත්(26) අ ම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමේ සිද්ධියට යම් සම්බන්ධතායක් ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. එම ස්ථානයේදි මියගිය පුද්ගලයාගේ මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයේ නිවසට ඇතුළුවු පුද්ගලයින් දෙදනකු නිවසේ සිටි අයකු ගිනිඅවියකින් (27) රාත්‍රීයේදි වෙඩිතබා පලාගොස් ඇති බවට ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මරණකරු වයස අවුරුදු 30ක් වන සිල්වා මාවත, රත්මලාන ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රියැදුරෙකී. මියගිය පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරකු ලෙස රැකියාය කරනු ලබන බවත් මෙම ඝාතනය සඳහා ටී 56 වර්ගයේ ගිණි අවියක් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇත. ඝාතනයට හේතවු මෙතෙක් අනාවරණයවි නොමැති අතර මෘතශරීරය කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මුලියාවේලි පොලිස් වසමේ තුන්වන කොටස මුල්ලියාවේලි ප්‍රදේශයේදී කඩුවකින් කපා පොලු පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට මුල්ලියාවේලි පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු තිහක් වන මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත. ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් මේවනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මෘතශරීරය මුලතිව් මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
වත්තල පොලිස් වසමේ මුදල් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වත්තල නගරය ආසන්නයේ ඇති ඇවිදින මංතීරුව අසල ඇති පාලමෙන් සැකකටයුතු ලෙස අයකු ඇලට පැන පිහිනා පලායමින් සිටිද්දී ඒ් සම්බන්ධයෙන් වත්තල පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ සංචාරයේ යෙදි සිටි නිලධාරීන්ට ඇතිවු සැකයක්මත එම පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත. බස් රථයක ගමන් කළ මගියකුගෙන් මෙම මුදල් කොල්ලකා පාලන අසලින් බස් රථයෙන් බැස පලායමින් සිටියදි අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඇල ඉවුරේ මුදල් සඟවා තිබියදි පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වු එගොඩඋයන පාර, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු(28) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
බලපත්‍රයක් නැතිව විදේශ මුදල් ළඟතබාගෙන සිටි සැකකුරුවෙකු වැලිගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදි අමෙරිකානු ඩොලර් 18208ක්, යූරෝ 20035ක්, ඉන්දියන් රුපියල් 300ක්, සෞදි රියාල් 500ක්, කුවේට් ඩිනාර් 40ක්, සිංගප්පූර් ඩොලර්10ක්,එංගලන්ත පවුම් 645ක්,ඩිරාම් 18500, ජපන් යෙන් 100000,සහ කටාර් රියාල් 1000ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන ගල්බොක්ක, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.