29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරු පත් කෙරේ

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරු පත් කෙරේ

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අතින් (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

ඒ අනුව නීතීඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, ග මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරයන් සහකාර සංවිධායකවරු ලෙසද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්තුරුද එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments