පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ
– මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය.
විදුලි සංදේශන සහ තාක්ෂණ අංශයේ මෙරට වඩාත් ශක්තිමත් ම සන්නාමයක් ලෙස SLT-MOBITEL, මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීම සඳහා ඇති ප්‍රධානත ම බාධක ලෙස සම්ප්‍රදායික ක්‍රමවේද, අකාර්යක්ෂමතාව, දූෂණය, අධික මෙහෙයුම් පිරිවැය සහ නාස්තිය හඳුනාගෙන ඇත.
පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-MOBITEL යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. එම යෝජනාවලිය, මෙරට තීරණාත්මක මෙහෙයුම් කටයුතුවල සියලු අංශ තුළ ඩිජිටල් වාණිජ්‍යය සහ E-පාලනය හඳුන්වා දීම සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික ක්‍රමවේදවල පදනම වනු ඇත. SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුල්‍යයනය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු මෙරට වඩාත් තීරණාත්මක අංශ සහ සේවා ලෙස හඳුනාගෙන ඇත.
මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ජාතික ඩිජිටල් පෙරළිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙලෙස සඳහන් කළේය. “සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාවට ද නවෝත්පාදන තාක්ෂණය සෑම අංශයක ම පදනම බවට පත්කරමින් ‘සුහුරු රටක්‘ බවට පත්වීමේ හැකියාව පවතිනවා. එමගින්, වර්තමානයේ අප රටක් ලෙස මුහුණදෙන ප්‍රධානත ම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, තීරණාත්මක අංශ සහ සේවා ජනතාවගේ ජීවිත උසස් කිරීම සඳහා ඉතා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, ලාභදායී අංශ සහ සේවා බවට පත් කිරීමටත් හැකිවනවා. ශ්‍රී ලංකාව E-රාජ්‍යයක් බවට පත් කිරීම අපගේ දැක්මයි. අගය දාමය තුළ පුළුල්ත ම ආවරණයක් සහිත අප, තාක්ෂණ සමාගම්, මහා පරිමාණ ආයතන, මහජනතාව සහ රාජ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලිය හැකි අසමසම ශක්තියකින් යුතු වනවා. අප සතු හැකියා සහ රට පුරා ඇති ශක්තිමත් යටිතල පහසුකම් ජාලය හරහා, මෙම අභියෝගය බාරගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය වෙනස ඇති කිරීමට අපට හැකි බව අපගේ විශ්වාසයයි.”
රජයේ හිමිකාරිත්වය සහිත ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරුවෙකු ලෙස මීට වසර 160 කට ඉහතදී ආරම්භ කෙරුණු SLT-MOBITEL සමාගම, තාක්ෂණික සහ සබඳතා විසඳුම්, පරිපූර්ණ තාක්ෂණික පදනම්, උසස් ජාල ප්‍රධාන සේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් පිරිනමන ඉහල ලාභයක් සහ කාර්යක්ෂමතාවක් සහිත කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් දක්වා වසර ගණනක පටන් පරිවර්තනය වී තිබේ.
“2020 වසරේදී සිදු කෙරුණු SLT-MOBITEL සන්නාම ඒකාබද්ධ කිරීම මගින් ස්ථාවර සහ ජංගම සබඳතාවල විශිෂ්ටත ම සේවා එකම වහලක් යටතට ගෙන ඒමට අපට හැකි වුණා. එම වසරේදී ම උද්ගත වූ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් තාක්ෂණය සහ සබඳතාව සඳහා පැවති ඉල්ලුම අන් කවරදාටත් වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බැවින් එම සන්නාම ඒකාබද්ධ කිරීම ඉතාම කාලෝචිත තීරණයක් වුණා. ශීඝ්‍රයෙන් වර්ධනයවන අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා අප දිවයිනේ කිලෝමීටර 65,000 ක් දක්වා අපගේ ෆයිබර් ජාලය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ධාරිතාව පුළුල් කිරීම සඳහා වඩාත් වේගවත් සහ සැමට ප්‍රවේශ විය හැකි ආකාරයේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා පිරිනැමීමට කටයුතු කළා. මෙරට විශාලත ම දත්ත මධ්‍යස්ථාන SLT සමූහය සතුවන අතර, Microsoft, Oracle සහ VMware වැනි ගෝලීය තාක්ෂණික දැවැන්තයින් සමග ඇති දිගුකාලීන සබඳතා හේතුවෙන් අප මහජනතාවට මෙන්ම ආයතන සඳහා ද, මහා පරිමාණ ආයතන සහ විදේශීය ආයෝජකයින් සඳහා ද වඩාත් සුරක්ෂිත ධාරක සේවා (Hosting Services) ලබා දීමට මුළුමනින් ම හැකියාව ඇති සමාගමක් බවට පත්ව තිබෙනවා. අප යටිතල පහසුකම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතර වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින සහ අනාගතයේදී මුහුණ දීමට නියමිත අභියෝග සඳහා තාක්ෂණික විසඳුම් ගොඩනැගීම කෙරෙහි ද අපගේ අවධානය යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අප සියලු දෙනාම අත්විඳීමට අපේක්ෂාකරන එම ක්‍රම වෙනසට SLT-MOBITEL අප ඩිජිටල් තාක්ෂණයෙන් සූදානම් බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි,” යනුවෙන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රම වෙනස යටතේ SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, කෘෂි, සංචාරක සහ අධිකරණ ක්‍රියාවලි යන අංශ කෙරෙහි අවධානය යොමුකරනු ඇත.
E-සුව සේවා
සුව සේවා සඳහා ජනතාවට ඇති ප්‍රවේශය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවකි. කෙසේවෙතත්, සෞඛ්‍ය අංශයේ සේවා සහ දත්ත සඳහා ඇති ප්‍රවේශය අවහිර කෙරෙන විවිධ අභියෝග රැසක් පවතී. SLT-MOBITEL සමාගම යෝජනාකරන යෝජනාවලිය මගින් සෞඛ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සහ එම අංශය පරිවර්තනයකට ලක් කිරීම අපේක්ෂිතය. එමගින් තත්කාලීන තොරතුරු ලබා ගැනීමටත්, දුරස්ථ රෝගී අධීක්ෂණය ක්‍රියාත්මක කිරීමටත්, ලෙඩරෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටත්, ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, දත්ත පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සමගින් සමස්තයක් ලෙස වඩාත් යහපත් රෝගී පරික්ෂා ක්‍රමවේදයක් දියත් කිරීමටත් අවස්ථාව සැලසේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම මගින් එම ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින්ට සහ පුරවැසියන් හට ඕනෑම මොහොතක තොරතුරුවලට ප්‍රවේශ වීමටත්, ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ ආයෝජන ප්‍රතිලාභ ඉහල නැංවීමටත් හැකියාව ලැබේ.
අන්තර්ජාල අධ්‍යාපනය
COVID-19 වසංගත තත්ත්වය සහ මෑතකදී ඇති වූ ආර්ථික අභියෝග හේතුවෙන්, අඛණ්ඩ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය තවත් ජාතික ප්‍රමුඛතාවක් බවට පත් වී ඇත. මෙම සාර්ව ආර්ථික සාධක හේතුවෙන් දරුවන්ටත්, ගුරුවරුන්ටත් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිසීමට සිදු වී තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධව තවත් සපුරාලිය යුතු කරුණු රැසක් පවතී. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් සහ ගුරුවරුන් හට ඩිජිටල් තාක්ෂණයට සහ E-ඉගෙනුම් විසඳුම්වලට ඇත්තේ සීමිත ප්‍රවේශයක්වන අතර, E-ඉගෙනුම් සහ සුහුරු පංති කාමර යන සංකල්ප අධ්‍යාපනයේ අනාගතය ලෙස ක්‍රියාකාරී ලෙස ප්‍රවර්ධනය කළ යුතුව ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, SLT-MOBITEL සමාගම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා ගත යුතු පියවර හඳුන්වා දී ඇත. සමාගමේ පුළුල් ෆයිබර් ජාලය හරහා 10,000 කට අධික මෙරට පාසල් සඳහා අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම, ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය හඳුන්වාදීම හරහා ක්‍රියාවලි ස්වයංක්‍රියකරණය කිරීම, සියලු දෙනාට පරිහරණය කළ හැකි සහ අඛණ්ඩ ප්‍රවේශය සහිතවන ලෙස පුස්තකාල ඩිජිටල්කරණය කිරීම එම පියවර අතර ප්‍රධාන වේ. තවද, වඩාත් පුළුල් සහ ඵලදායී අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) ගුරුවරුන් සහ සිසුන් හට හඳුන්වා දීම ද වැදගත් වේ.