28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ප්‍රවීණ කලා ශිල්පි සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පි සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද(14) උදෑසන අභාවප්‍රාප්ත විය.

ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය .

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 61කි.

රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය  වෘත්තීය ජීවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු වූ ඒ මහතා මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබිණි.

මෙරට ගේයපද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රැසකින් ජනප්‍රියත්වයට පත්විය.

මෑතකදී ඒ මහතා රචනා කළ අනන්තයෙන් ආ තරු කුමරා, ප්‍රේම දඩයම , මේ ආදරයයි, නැගිටිමු ශ්‍රී ලංකා ගීත මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් ගීත අතර විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments