18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeව්‍යාපාරික පුවත්ශ්‍රීලාංකික පාරිභෝගික භවතුන්ට වෙළෙඳපොලේ පවතින මිලගණන්වලට වඩා අඩුවෙන් KASAGALA GREEN SUPER අලෙවිජලායෙන්...

ශ්‍රීලාංකික පාරිභෝගික භවතුන්ට වෙළෙඳපොලේ පවතින මිලගණන්වලට වඩා අඩුවෙන් KASAGALA GREEN SUPER අලෙවිජලායෙන් භාණ්ඩ ලබාගත හැක…

අනුර ප්‍රේමලාල්

කසාගල සමූහ ව්‍යාපාරය (KASAGALA GREEN SUPER)අලෙවි ජාලයේ තෙවන අලෙවිසැල අතුරුගිරිය මන්සන්දියට ආසන්නයේ කඩුවෙල මාර්ගයේදී සුභ මොහොතින් විවෘත කිරීම ඉකුත්(17) සිදුකෙරිණි.

මෙම අලෙවි ජාලයේ ප්‍රධාන අරමුණවී ඇත්තේ පාරිභෝගිකයින්ට සහනදායි මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවියත් දේශීය කෘෂිකර්මයට ශක්තියක් ලබාදෙමින් ගොවිතැන නැංවීමය. එහිදි ගොවියා අසරණ නොකර‍ෙ අපතේ යන නිෂ්පාදන සුරක්ෂිත කොට රටේ නිෂ්පාදන ධාරිතාවයන් ඉහල නංවමින් ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන ලබාදීම කසාගල සමූහ ව්‍යාපාරයේ එකම පාරමාර්ථයවී ඇත.

මෙම තෙවන අලෙවිජාලය විවෘත කිරීමේ උත්සය එහි සභාපති දේශමාන්‍ය,ආචාර්ය රංජිත් නන්දන පීරිස්, සම්මානිත මහචාර්ය රෝහන ලක්ෂමන් පියදාස හා හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුවූහ.
මෙහිදි ආගමික කටයුතු පූජ්‍ය උහනවිට පියතරන හිමියෝ සිදුකළහ.

මෙහිදි අදහස් දැක්වු හිටපු ඇමැති, පා.ම. දයාසිරි ජයසේකර මහතා…මෙවර අයවැයෙන් 18%ක වැට්බදු හඳුනාදීම නිසා ගමේ කුඩා සිල්ලර අලෙවිසැල් හිමියා ඉතාමත් අසීරුතාවයකට පත්වෙන බවට කරුණු අනාවරණය කළේය.

මෙම ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය, ආචාර්ය රංජිත් නන්දන පිරීස් මහතා KASAGALA GREEN SUPER අලෙවිජාලයේ එකම අරමුණ ජනතාවට සහනදායි මිලට භාණ්ඩ අලෙවි කිරීම බව පැවසීය. ඒ නිසා දැනට වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා කිීයක් හරි අඩුවෙන් පාරිභෝගික භාණ්ඩ ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා සැලසුම් තම ව්‍යාපාරය ආරම්භ කර තිබෙන බවට කරුණු දැක්වූයේය.

මෙම ව්‍යාපාරයේ උපදේශක, අධ්‍යක්ෂ සම්මානිත මහචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස , සාමාන්‍යාධිකාරි උපසේන හේරත් මහත්වරුද අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments