බලපත්‍ර නැතිව ඉන්ධන ගබඩා කළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය මාන්කුලම් කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.පී.ටී.බී. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) වසන්තපුරම්, කෙකාවිල් පාර, තුනුක්කායි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස, බලපත්‍ර නොමැතිව, ඩීසල් ලීටර් 1,050 සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 67 වයසේ පසුවන කෙකාවිල් පාර, තුනුක්කායි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්ලාවි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඉන්ධන වල දළ වටිනාකම රු. 462,000.00 ක් පමණ වේ.