රට තුල පවතින විදේශ විනිමය ගැටළුව හේතුවෙන් රජය විසින් පසුගිය කාලය තුල විවිධ අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබේ.
එසේ වුවද, පසුගිය කාලය තුළ ගුවන් මගීන් රැගෙන එනු ලබන ගමන් මළු (Accompanied Passenger Baggage) සහ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන විවිධ ආයතන හරහා එවනු ලබන ගමන් මළු (Un-accompanied Passenger Baggage – UPB) තුල එසේ ආනයනය සීමා කල භාණ්ඩ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව නිරීක්ෂණය කර ඇත. ඊට අමතරව, ඇතැම් ගුවන් මගීන් රේගු ආඥාපනත සහ ආනයන අපනයන (පාලන) පනත යටතේ පනවා ඇති රෙගුලාසි උල්ලංඝනය කරමින් වාණිජ ප්‍රමාණවලින් භාණ්ඩ රැගෙන එන බව ද නිරීක්ෂණය විය.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපළ හෝ UPB ගබඩා හරහා තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණයේ භාණ්ඩ හෝ ගමන් මළු තුල රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සියලුම ගුවන් මගීන් හට මෙයින් දන්වා සිටී.
මෙම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වුවහොත් රේගු ආඥාපනත සහ ආනයන අපනයන (පාලන) පනතේ විධිවිධාන අනුව එසේ නීති විරෝධිව ගෙන එනු ලබන සියලුම භාණ්ඩ රාජසන්තක කිරීම සහ එයට අමතරව ඊට සම්බන්ධ ගුවන් මගීන් මත වැඩිදුර රාජසන්තක කිරීම් හෝ දඩ පැනවීමට කටයුතු කරනු ලැබේ.