25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව ප්‍රවාහනය කළ විශාලතම ඩීසල් තොගය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධිව ප්‍රවාහනය කළ විශාලතම ඩීසල් තොගය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනයකල විශාලතම ඩීසල් තොගය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජී.එස්. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (10) අලුයම පැය 0240, 0320 කාලය තුල දී හම්බන්තොට ධීවර වරායේ සිට මාලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ තවත් ලොරි රථයකින් හම්බන්තොට වැල්ලවාය, පැළවත්ත ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව ඩීසල් ප්‍රවාහනය කරමින් සිටිය දී හම්බන්තොට ජයබෝධි විහාරය ආසන්නයේ දී හම්බන්තොට අවට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 45 අතර වයසේ පසුවන පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ලොරි රථ සහ ඩීසල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට අධික වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments