23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අද (10දා) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවීමට පැමිණියාය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බව ජුලී චන්ග් මහත්මිය සඳහන් කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සහාය හිමිවන බව සඳහන් කළ තානාපතිනිය මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන ද එහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාර්යභාරය ගැනද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර රට තුළ පවතින වත්මන් සාමකාමී තත්ත්වය ගැනත් අගෝස්තු 9 වැනි දින කිසිදු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ඇමරිකානු තානාපතිනිය තම සතුට පළ කර සිටියාය.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ගැන සඳහන් කළ ජුලී චන්ග් මහත්මිය, සියලුම රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙසද අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments