25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපිලිකා එන්නත් සහ වෙනත් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ආයෝජකයකු වසර හතක්...

පිලිකා එන්නත් සහ වෙනත් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ආයෝජකයකු වසර හතක් බලාගෙන සිටියි. ‌සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය තවම නැහැ.

පිලිකා එන්නත් සහ වෙනත් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ආයෝජකයකු විසින් කටුනායක ඉදිකළ ISOLEZ BIOTECH PHARMA AG කර්මාන්තශාලාවට නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වසර හතක් යනතුරු අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා අවසර ඉල්ලා ආයෝජකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතද ලිපියක් යවා ඇත. ඒ අනුව මෙම කර්මාන්ත ශාලාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම් දී තිබේ. සෞඛ්‍ය ඇමතිවරයාද විමර්ශන ආරම්භ කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට මේ වන විට දැනුම් දී ඇත.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට ආයෝජන මුදල රුපියල් කෝටි 40 කි. ස්විස්ටර්ලන්තයේ තාක්ෂණයට අනුව ශාක හා සත්ත්ව පටක වලින් ආරම්භ කර සියලුම වර්ගයේ පිළිකා නාශක එන්නත් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබේ. ජෛව තාක්ෂණය මගින් සියලුම එන්නත් නිෂ්පාදනය කිරීමට ද මෙම කර්මාන්තශාලාවේ පහසුකම් ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2013 වසරේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කර ඇතත් නිෂ්පාදන ආරම්භ කිරීමට පමණක් අවසර නොදීම ගැටළුවකි.
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 75 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරයි.දේශීය වශයෙන් ඖෂධ නිපදවා ආනයනය 35% දක්වා අවම කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට පිටිවහලක් වීම සඳහා කටුනායක පිහිටි මෙම කර්මාන්තශාලාවට අනුමැතිය දීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීමකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments