අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු රුපියල් 1,451,100.00 මුදල් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක එස්.පී. ගුනතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.17 වන දින කොටහේන පොලිස් වසමේ මැසෙන්ජර් මාවතේ දී වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 670 ක්, මුදලින් රුපියල් 1,451,100.00 ක් හා යතුරු පැදියක් සමග බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාසල් ළමුන් ඉලක්ක කරගෙන කේරළ ගංජා විකුණමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ධනුෂ් රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තලංගම පොලිස් වසමේ තලවතුගොඩ සාලින්ද දිසානායක මාවතේ දී වැටලීමක් සිදු කර පාසල් ලමුන් ඉලක්ක කරගෙන කේරළ ගංජා අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 වන පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 122, මි.ග්‍රෑ. 710 ක්, විද්‍යුත් තරාදියක්, මුදලින් රුපියල් 13,580 ක් ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
