මහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදුන් විදුලි බිල වැඩි කිරීමේ අනුමැතියත් සමඟ කබලෙන් ලිපට වැටි දුෂ්කරතාවයට පත් ජනතාවට, රොකට් යවනවා කියා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කළ රාජකීය පුත්තු තෙල් වලටත් අත තියා ගසා කනවාද කියන සැකය මතුවී ඇති බව 43 සේනාංක ප්‍රධානි පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිසම මගින් විදුලි බිල සංශෝධනයට අනුමැතිය දීම තුළින් රටේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා (17) දින 43 සේනාංකය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමිනි.
ඒ සඳහා 43 සේනාංක ප්‍රධානි පාඨලී චම්පික රණවක මහතාත්, මුදල් ලේකම් සුමේද රත්නායක මහතාත්, 43 සේනාංක ඉංජිනේරු සංසදයේ කැඳවුම්කරු ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතාත් සහභාගී විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා…
“විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගිතා කොමිසමත් කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩුවත් තීරණය කරලා තියෙනවා. බැලූ බැල්මට ඔවුන් කියන්නේ දෙදහස් දොළහෙන් පස්සේ විදුලි බිලේ වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලය අතිශයින් පාඩු ලබන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ විදුලි බිල වැඩිවීම සිදු යුතුයි කියන එක. ඇත්තටම විදුලි බිල මේ පසුගිය දශකයක පමණ කාලය තුළ වැඩි වෙලා නැති එක ඇත්තක්. නමුත් මේ තත්වයට ලංකා විදුලිබල මණ්ඩලය පත්වීම කළේ කවුද කියන එක අපි පළමුව සාකච්ඡා කරන්න ඕනේ. දෙදාස් පහළවේ මම ලංකා විදුලිබල මණ්ඩලය කරනකොට අපි වෘත්තීය මට්ටමේ පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලයට ඇතුල් කළා. කෝටි හාරදාස් පන්සීයක්, බිලියන හතළිස් පහක් පාඩු ලබන්න නියමිතව තිබිච්ච ලංකා විදුලිබල මණ්ඩලය බිලියන විස්සක, කෝටි දෙදාහක ලාභයකට අපි ගෙනිච්චා. ඒ විතරක් නෙවෙයි, සීයට දහතුනකින් අපි විදුලි බිල අඩුකරා. ඒ වගේම, ඩීසල් මාෆියා ගැන කතා කරනවා. ප්‍රථම වතාවට ඩීසල් වලින්, ඒ වගේම දැවි තෙල් ඉහළ ගණයේ බලාගාර පහක් පුද්ගලික අංශයට අයිති වසා දමලා, ලංකා විදුලිබල මණ්ඩලය ඒ බරෙන් අපි නිදහස් කළා. නමුත් අනුක්‍රමයෙන් ඊට පසු වසරවල මේ තත්වය ආවා. ඇත්තටම දෙදහස් විස්ස, විසි එකේ ඉඳන් ඕන තරම් හැකියාව තිබුණා. පියවරෙන් පියවර මේ වැඩිවීම් කරන්න. විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදීත්, බැසිල් රාජපක්ෂ මහත්තයා අය වැය තියෙන වෙලාවේ ඔහු ප්‍රකාශ කළේ විදුලි බිල වැඩි කරන්නෑ කියලා. ඇයි? ඔහුගේ අරමුණ තිබුණේ මේ අස්සේ පළාත් පාලන ඡන්දය පවත්වලා තමන්ගේ පොහොට්ටු පක්ෂයට ජයග්‍රහණය ලබා පස්සේ මේ සියල්ල කරන්නේ. මේ සියල්ලේ තිබුණේ ඉතාම දුෂ්ට උවමනාවක්. ඒක තමයි පොහොට්ටු පක්ෂය පළාත් පාලන ඡන්දයෙන් ජයග්‍රහණය කර ගැනීමේ වුවමනාව.”
“රජයේ ආයතන විදුලිය ගත්තට විදුලි බිල් පියවන්නේ නෑ. ඒක නිසා ලංකා විදුලිබල මණ්ඩලයට දැවැන්ත ණයක් මේ රජයේ ආයතන වලින් ලැබිලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව ගත්තත් එච්චරයි. එතකොට රජය මුලින් කරන්න ඕනේ පාඩුයි කියලා මේ බිල වැඩි කරගන්න කතාවට අමතරව වැඩිමනත් වශයෙන් එදිනෙදා තමන්ගේ බිල් ටික ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න එක. රජයේ ආයතන වලට ඇත්තටම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම පිළිබඳ ඉල්ලුම කළමනාකරණය පිළිබඳ අපි දෙදාස් එකොළහේ, දොළහේදී විධිමත් වැඩපිළිවෙලක් දියත් කළා. සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත්තා. ඒවා අනුගමනය කළ යුතුයි. ඒ වගේම කර්මාන්ත වලට මේ විදිහට විදුලි බිල වැඩි කිරීම විසින් ඉහළ ගණයේ ඩොලර් උපයන කර්මාන්ත බොහොමයක් ලංකාවෙන් පලා යන්න නියමිතයි. ඒක අපි අමතක කළ යුතු නැහැ.”
“අපි යෝජනා කළා රජයට ඒකක තුන්සීයට වැඩියෙන් පාවිච්චි කරන ආයතන, පුද්ගලයින් ඒ වගේම අනෙකුත් කර්මාන්ත, සේවා ස්ථානවලට, විදුලි ගාස්තු සීයට තුන්සීයකින් වුණත් වැඩි කරන්න. හැබැයි ඔවුන්ට අවස්ථාවක් දෙන්න මාස හයක ඔවුන්ගේ ස්ථාන සූර්ය බලයට, හරවගන්න පරිවර්තනය කරගන්න. ඒකට රජය යම්කිසි ආකාරයේ ඩොලර් ප්‍රමාණයක් වැය කළ යුතුමයි. එහෙම නැතුව මේ තියෙන සීමා සහිත ඩොලර් ප්‍රමාණය අපි නාස්ති කිරීමෙන් පලක් වෙන්නේ නෑ. ඒ වගේම දැන් රජය මොකද කරන්න යන්නේ? ගල් අඟුරු ගෙනල්ලා නෑ. ඉතින් දැන් අලුත්ම දේ තමයි එක එක්කෙනා අනතුරු අඟවන එක. ගල් අඟුරු ගොඩබාන්න පුළුවන් සීමා සහිත කාලෙකටයි වාරකන් සමයේ මේ ඔක්තෝබර් මාසේ ඉඳන් ලබන අප්‍රේල් මාසය දක්වා ටොන් විසිපන් ලක්ෂයක් බාගත යුතුයි. ඒ ටොන් විසි පන් ලක්ෂය බාගන්න ඕනේ. ඒ ටොන් විසි පන් ලක්ෂය බාගන්නේ නැතුව එක බලාගාරයක් වහලා බලාගාර දෙකක් විතරක් දිවීමෙන් වෙන්නේ ඒ වෙනුවට ඩීසල් බලාගාර දුවන්න වෙන එක. ඒ කියන්නේ අරට වඩා වැඩි මිලකට ඒක සිද්ධ කරන්න වෙන එක. ඒක නිසා අන්තිමට ඒ බර යන්නේ කාටද? ජනතාවට.”
“ඒ වගේම ලංකා විදුලිබල පිටතින් දේශපාලන පත්වීම් පත් කිරීම සම්පූර්ණයෙන්ම සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට නතර කළ යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලයට අපි ක්‍රමවේදයක් හැදුවා. රටේ තාක්ෂණ විශ්ව විද්‍යාල දරුවෝ බඳවගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ස්ථානයක් බවට පත් කරන්න.එතකොට දැන් බලහත්කාරය යොදාගෙන යනවා. අපි දන්නවා එක පුද්ගලික සමාගමකට අර සුළං බලය ලබා ගැනීම සඳහා ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියට තර්ජන දානවා තාමත් මේ පිටිපස්සේ ඉඳගෙන නිලධාරීන් දේශපාලකයින්. ඒ තත්වය වෙනුවට වෘත්තීය පිරිසක් අතට මේක පත්කර ගත යුතුයි. අපි බොහොම පැහැදිලිව කියනවා අපි හතළිස් තුන සේනාංකයේ ඉංජිනේරු බලකාය හැටියට මේ රටේ වෘත්තීය මට්ටමට මේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන එනවා නම් ලංකා බැංකුව, මහජන බැංකුව වගේ තැන් ගෙන එනවා නම්, ජල සම්පාදන මණ්ඩලය ගෙන එනවා නම්, අපේ වෘත්තීය බලකායක් ඉන්නවා. අපි ලෑස්තියි දාහක වුණත් වැදගත් ඉංජිනේරුවෝ, වැදගත් විශේෂඥ වෛද්‍යවරු, වැදගත් ගණකාධිකාරිවරු, ස්වෙච්ඡාවෙන් මේ රටේ මේ ආයතන ගොඩ ගැනීමට දායක වෙන්න.” යනුවෙන් පවසා සිටියේය.
එහිදී මෙම සාකච්ජාව සඳහා සම්බන්ධ වූ ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියේය..
“ඇත්තටම විදුලි බිල සංශෝධනයට වඩා විදුලි බිල වැඩි කිරීම කියලා කීම තමා හරි. මේ වෙනකොට අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ රැකියා සුරක්ෂිතභාවය නැතිවෙලා,

