ප්‍රවාහන හා මහාමාර්ග ඇමති යාපනය ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවයේ ගැටළු සොයා බලන්නට දුම්රියෙන් යාපනයට.
යාපනය ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවයේ පවතින ගැටළු පිලිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයකට අද දින එක් විය. පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම පිලිබඳ ආදර්ශයක් සපයමින් සාමාන්‍ය ජනතාව හා එක්ව කොළඹ කොටුවේ සිට දුම්රියෙන් යාපනය දක්වා අමාත්‍යවරයා ගමන් කිරීම විශේෂත්වයකි.
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා නගරාන්තර දුම්රියේ ගමන් කරමින් එහිදී මගීන්ට සැලසෙන පහසුකම් පිලිබඳවද නිරීක්ෂණය කළේය.
යාපනය දුම්රිය ස්ථානයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් විසින් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිළිගන්නා ලදී.
පසුගිය සමයේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අපහසුවට පත් රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්ය සේවය කරන ජනතාව සහ පාසල් සිසුන්ගේ පහසුව වෙනුවෙන් කිලිනොච්චිය සිට කන්කසන්තුරේ දක්වා රාජකාරි දුම්රිය සේවය ආරම්භ කළ බවත් දුම්රිය ප්‍රමාණය හා ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේම jafna night express දුම්රියද නැවත ගමන් ආරම්භ කිරීම සමග යාපනයේ සංචාරක ව්‍යාපාරයට ද නව ජීවයක් ලැබෙනු ඇති බවත් අමාත්‍යතුමා අවධාරණය කළේය.
මීට සමගාමීව යාපනය අර්ධද්වීපයේ පිහිටි කරෙයිනගර්, පේදුරුතුඩුව, ඇතුළු ලංගම ඩිපෝ කිහිපයක් ද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඒවායේ පවතින ගැටළු පිලිබඳවද සොයා බැලීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිතුමා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


