හොර පාරෙන් මෙරටට ගෙන ආ ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ටී.එම්.පී.බී. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) කයිටිස් පොලිස් වසමේ ආලඩි හංදිය, කරෛයිනගර් යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් 90,000.00 කට අධික වටිනාකමින් යුත් ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි 1,200 ක් සන්තකයේ තබාගෙන සිටි කරෛයිනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන කඳවුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරී පසුමූල සහකාර පොලිස් අධිකාරි විජේසිංහ මහතාගෙ උපදෙස් අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) ජාඇල පොලිස් වසමේ අංක 111, මිතුන් මාවත, ජාඇල, ඒකල ලිපිනයේ පිහිටි නිවස පිටුපස දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1600 ට නීති විරෝධී මත්පැන් ලීටර් 337.5 ක්, ගෝඩා ලීටර් 5,400 ක් හා මත්පැන් පෙරීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටි නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායෙ ගෝනහෙන කදවුරේ ප්‍රධාන කදවුර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක සේනාධිීර මහතා ගෙ මෙහෙයවීම සහ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි විජේසිංහ මහතාගෙ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.23 වන දින දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවන ඉදිරිපිට මාර්ගය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 2055 ට ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55, මිලි ග්‍රෑම් 310 ක් හා ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 138,500.00 ක් සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (24) සිය මූලස්ථාන කඳවුරට අනුයුක්ත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායම් 1හි නිලධාරි පිරිසක් වැලිකඩ පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් හතක් හා කේරළ ගංජා ග්‍රෑම් අටක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ කඳවුරේ නිලධාරි පිරිසක් බන්ධනාගාර තුලට ජංගම දුරකතන දෙකක හා බැටරි දෙකක් ඒම දුරකතනවලට අදාල චාජර් කේබල් දෙක රැගෙන යෑමට උත්සහ රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත. මූලස්ථාන කඳවුරේ නිලධාරි පිරිසක් බොරැල්ල පොලිස් වසමේ අයිස් ග්‍රෑම් 6.305ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් ගාලදිවුල්වැව පොලිස් වසමේ පෞරාණික වටිනාකමින් යුක්ත වස්තූන් සෙවීමේ අදහසින් පතල් හා කෑණීම් කාර්යාංශයෙන් නිත්‍යානුකූලව ලබාගත් බලපත්‍රයක් නැතිව ඛනිජද්‍රව්‍ය සෙවීමේ අදහසින් සිදුකරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මරණු ලැබු මුවකුගේ හමක් සහ කොටන තුවක්කු සඳහා යොදාගන්න බවට සැක කළ හැකි භාණ්ඩ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කඳවුරේ නිලධාරි පිරිසක් කඳපොල පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 24ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි පිරිසක් සෙවනගල පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 15ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
