29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලබන පළමුවැනිදා සිට EPF පෝලිමට තිත - ක්‍රියාත්මක වැඩපිළිවෙල ගැන අමාත්‍ය මනුෂ...

ලබන පළමුවැනිදා සිට EPF පෝලිමට තිත – ක්‍රියාත්මක වැඩපිළිවෙල ගැන අමාත්‍ය මනුෂ කියයි.

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සදහා දැනට පවතින දිගු පෝලිම්වලට තිත තැබීමේ පියවරක් ලබන පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සදහා දිනයක් සහ වේලාවක් 1958 අංකයට අමතා හෝ appointment.labourdept.gov.lk යොමුව මගින් ලබාදීමට කටයුතු කළ හැකිය.

ඒ අනුව පෝලිම් නොමැතිව කම්කරු දෙපාර්තමේන්තුව හරහා ලබාගතයුතු සේවාවන් ලබාගැනීමේ හැකියාව සලසා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අනුව සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම් කිරීම, 30% ප්‍රතිලාභ අයදුම් කිරීම, මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් ප්‍රතිලාභ අයදුම් කිරීම සහ සේවා යෝජක ලියාපදිංචිවීම් යන කටයුතු මේ ඔස්සේ ඉටුකර ගත හැකි ය. මෙතෙක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ මාර්ගගත පහසුකම එළැඹෙන 01දායින් පසු දිස්ත්‍රීක් කාර්යාල 40, උපකාර්යාල 17 සහ කලාප කාර්යාල 11 වෙතින් ද ලබා ගැනීමට හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

මෙතෙක් කාර්යාලයට පැමිණ අංක ලබා ගැනීමේ කටයුතු වෙනුවට මාර්ගගත ව වේලාව වෙන්කර ගත යුතු බව ද, එසේ නොමැති නම් සේවා පහසුකම් ඉටුකර ගැනීමේ දී දුෂ්කරතා මතුවිය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය. අධීක්ෂණ කාලසීමාවකින් අනතුරු ව මාර්ගගත ක්‍රියාවලිය අනිවාර්ය කෙරෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනම් ව ඉටුකර දී මහජනතාව පත්වන අපහසුතාවන් අවම කිරීමට මෙමගින් බලාපොරාත්තු වන බවත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ සදහා වන තාක්ෂණික පහසුකම් සපයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments