විශේෂ කාර්ය බලකායේ 38 වන රණවිරු ගුණ සැමරුම ලබල (01) අභිමානයෙන් සමරමු.
වසර 38 ක අතීතාවර්ජනය කර බැලීමේදී විශේෂ කාර්ය බලකාය බොහෝ අභියෝග මැද ස්ථිර අධිෂ්ඨානයකින් නියතයි ජය පාඨය ඔපනංවමින් මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරත්වය වෙනුවෙන් අභිමානවත් ගමනක් පැමිණ ඇත්තේ අප්‍රමාණ වූ බාධක හමුවේ දහඩිය හා කදුළු මතින් මෙන්ම රුධිරයද හෙළමිනි. වර්ෂ 1984 සැප්තැම්බර් (01) සිට මේ දක්වා විශේෂ කාර්ය බලකායේ අප සහෘද නිලධාරීන් 464 දෙනෙකු තම මාතෘ භූමිය නිදහස් නිවහල් දේශයක් බවට පත් කිරීමේ උදාර කර්තව්‍යයේදී රුදුරු ත්‍රස්තවාදය හමුවේ වීරෝධාර ලෙස සටන්වැදී දිවි පුදා ඇති අතර, අප ගමන් මඟට නිරන්තර සහය වූ සුළු සේවක මහත්වරුන් සය දෙනෙකු ද තම දිවි කැප කර ඇත. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ විරුවන් 774 දෙනෙකු අභීතව යුද වැදී ඇස් මස් ලේ පුද කර ආබාධිතව ඇත. අප අතුරින් වියෝවු රණවිරුවන් සහ ආබාධිත වු රණවිරුවන් අහිමානයයෙන් සමරමු.
මෙම සැමරුම් උත්සව මාලාවන් පැවැත්වෙන ස්ථාන හා දින වේලාවන් වනුයේ
විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුනු පාසල – කළුතර (01) පෙරවරු 07.30 ට,
අනුරාධපුර රුවන්වැලි මහ සෑය අබියස (01) පෙරවරු 07.50 ට,
කතරගම තිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රයේදි (01) පෙරවරු 07.15 ට,
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති
රණවිරු ස්මාරකය අභියස (01) පෙරවරු 07.15 ට
මහනුවර ශ්‍රී දළදා මාලිගාව (03) පෙරවරු 10.30 ට