28.7 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්“මෙම අසීරු අවස්ථාවේ අපි ඔබ සමඟයි” - යුනිසෙෆ් කලාපීය අධ්‍යක්ෂක අග්‍රාමාත්‍යවරයා වෙත...

“මෙම අසීරු අවස්ථාවේ අපි ඔබ සමඟයි” – යුනිසෙෆ් කලාපීය අධ්‍යක්ෂක අග්‍රාමාත්‍යවරයා වෙත සහතික වෙයි.

ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ලබාදෙන ආධාර වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලා සිටී.

දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝජ් ලායා අජේ ප්‍රමුඛ   යුනිසෙෆ් හි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස 2022.08.24 දින අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.

මෙරට කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන බව යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන් අතර මෙම අසීරු අවස්ථාවේ අපි ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවත් එම වැඩසටහන් ඉදිරියේදී තවත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බවත් ඔහු තහවුරු කළේ ය.

ශ්‍රී ලාංකේය  ජනතාව  වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීම, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ   සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අදාල ව්‍යාපෘති මගින් සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ අතර එමගින් රටේ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන අතරම ග්‍රාමීය සහ නාගරික දිළිඳු පවුල්වල දරුවන්ට පාසල් යාම සඳහා උත්තේජනයක් ද ලැබෙනු ඇති බව සඳහන් කළේය.

අධ්‍යාපනික මෙන්ම  දරුවන්ට  අදාළ අනෙකුත්  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් සඳහා අනුග්‍රහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතර ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් වෙන් කොට ඇති බව කලාපීය අධ්‍යක්ෂ ලායා අජේ පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් කූග් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments