ආණ්ඩුව සිදුකරන වැරදි ජනතාව අතරට ගෙනයෑමට හැකිවීම පිළිබඳව විපක්ෂයක් ලෙස සතුටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවැසීය. විපක්ෂය එසේ ආණ්ඩුවේ වැරදි ජනගත කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට ජාතිය අමතා ඒවාට පිළිතුරු දීමට සිදුවී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊයේ (19වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
තමන් විභාගයක් ලිව්වාම, ඒකේ උත්තර පත්තරෙත් බලන්නේ තමන්ම නම්, තමන්ව ෆේල් කරන්න කාටත්වත් බැහැ. තමන්ගේ උත්තර පත්තරේ තමන්ම බලනකොට ෆේල් කියලා දැනෙන්නේ නැහැ. හැබැයි ෆේල් ද පාස්ද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව. කොහොම වුණත් රජයේ වැරදි ජනගත කරන්න පුළුවන් වීම ගැන අපිට විපක්ෂයක් විදිහට අපිට සතුටුයි. එනිසා තමයි ඊයේ ජනාධිපතිතුමාට ඒ චෝදනාවලට පිළිතුරු දෙන්න සිද්ධ වුණේ. ජනාධිපතිතුමා තමන්ගේ කතාවේදී මුලින්ම කිව්වා තමන් සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වුණු ජනාධිපති කෙනෙක් කියලා.
හැබැයි පාර්ලිමේන්තුවේ විස්ස සම්මත කරගන්න තුනෙන් දෙක ගන්න ඕන වෙච්ච වෙලාවේ, ජාතිවාදී කියපු මුස්ලිම් ඡන්දවලින් තමයි තුනෙන් දෙක අරගත්තේ. එතුමා කිව්වා බෞද්ධ උපදේශන සභාවෙන් උපදෙස් අරගෙන රට පාලනය කරනවා කියලා. හැබැයි විසිවෙනි සංශෝධනය වෙලාවේ රජය සමග හිටපු බහුතරයක් ස්වාමීන් වහන්සේලා ඊට විරුද්ධ වුණා. හැබැයි ඒ මත සතපහකට ගණන් ගත්තේ නැහැ.
පුරාවිද්‍යා භූමි විනාශ වීම නැවැත්තුවා කියලා කිව්වා. හැබැයි ඩෝසර් කරපු කුරුණෑගල පුරාවිද්‍යා භූමිය වගේ තැන් පුරාවිද්‍යාවට අයිති නැද්ද කියලා කියලා අපි අහන්න කැමැතියි. සිරගෙවල් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න දෙන්නේ නැහැ කිව්වා.
බොහෝම හොඳයි. ඒ වගේ පියවර දිගටම අනුගමනය කරනවා නම් ඉතා හොඳයි. දේශීය සම්පත් විකුණන යුගය අවසන් කළා කිව්වා. හැබැයි ජනාධිපතිතුමා ආපු ගමන් තමයි ෂැංග්‍රිලා ආසන්නයේ තියෙන තවත් ඉඩම් කිහිපයක්ම විකුණන්න කටයුතු කළේ. ඊට අමතරව කිසිම රටකට නැතිවෙන්නේ නැහැ කියල කිව්වා. හැබැයි චීනෙට, ඇමෙරිකාවට කොච්චර ගැතිවෙලා ඉන්නවද කියලා අපිට පේනවා. මෙහෙ පී.සී.ආර්. මැෂින් එක කැඩුනහම නිවේදන නිකුත් කරන්නේ චීන එම්බසි එක. අධිකරණයට සහ පොලිසියට බලපෑම් කරන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි අද වෙනකොට අධිකරණයෙන් දීපු තීන්දුවලට විරුද්ධව දේශපාලන පළිගැනීම් කොමිසම හරහා සිදුකරන කටයුතු දිහා බැලුවහම මොනවගේ බලපෑමක් සිදුකරනවාද කියන එක අපිට පේනවා. රජයේ උසස් තනතුරු සඳහා වෘත්තිකයන්ගේ සැදුම්ලත් කමිටුවක් පත් කළා තනතුරු පත් කරන්න. හැබැයි අපි දන්නවා කවුද පත්කරලා තියෙන්නේ කියලා. නෑදෑයෝ හිතමිත්‍රයෝ ඕන තරම් පත්කරලා තියෙනවා, කියලා අපිට පෙන්නලා දෙන්න පුළුවන්.