මාතර – වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම සැකකරුවන් භාවිත කරන ලද මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බවය.
දින ගණනාවක් පුරා සිදුකරන ලද විමර්ශනයක් අනුව මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගත් බවත් එම මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.