ගම්පහ උඩුගම්පල කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක සිදුකරනු ලැබු ඝාතනය සදහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල අවියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සිදුකර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායම (26) වන දින ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ගම්පහ පොලිස් වසමේ උඩුගම්පල කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක සිදුකරන ලද ඝාතනය සදහා ආධාර අනුබල දීමේ වරදට වයස අවුරුදු 23, 26, 28, 24 සහ 36 වයසේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවක් ජංගම දුරකථන 09 ක්, කාර් රථයක් සහ ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ පිස්තෝල අවියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඉකුත් (04) සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (25) ගල්කිස්ස පොලිස් වසමේ අංක 49/05, විජිත පාර, නැදිමාල, දෙහිවල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මෙහෙයවීම මත ඉකුත් (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුල දී සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දීම සහ වෙඩි තැබීමට භාවිතා කල ගිනි අවිය ළඟ තබාගෙන වෙනත් පාර්ශවයකට දීම සම්බන්ධයෙන් සැකපිට හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 800 ක් හා නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ සංවාද පැවැත්වූ ජංගම දුරකථන 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක අංක 49/05, විජිත පාර, නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාර දී ඇති අතර මෙම සිද්දියට අදාල තවත් සැකකරුවෙකු සහ සැකකාරියක (20) බියගම පොලිස් වසමේ කදුබොඩ, දෙල්ගොඩ ලිපිනයේ දී හෙරොයින් ග්‍රෑම් 04, මි.ග්‍රෑ. 520 ක් හා ජංගම දුරකථන 01 සමග අත්අඩංගුවට ගෙන ඇත.
තවද ඉහත අත්අඩංගුට ගත් කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු මත ගල්කිස්ස අධිකරණයේ දී සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දීමට සැකපිට (26) දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38 ක වෑකඩ, මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉහත අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ සැකකාරියන් සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා හා අපරාධ හා මනුෂය ඝාතන රැසක් සිදුකර ඩුබායි රටට පළාගොස් සිටින ජිලේ යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර
ඉකුත් (25) විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii මඟින් අත්අඩංගුවට ගන්නා ලැබු කාන්තාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ වෙඩි තැබීමට අදාලව දුරකථන සංවාද පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත.