පැරීසියේ සිට (27) අලුයම 5.50ට පමණ මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 564 දරණ ගුවන් යානයෙන් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් සිය ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා, සිය පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහාවන හරිත මාර්ගයේ (green channel) රැගෙන යාමට උත්සහ කළ රත්තරන් ග්‍රෑම් 2414.6 ක ප්‍රමාණයක් ගුවන්තොටුපල හරිත මාවතේ රාජකාරියේ නිරත නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
රේගු අත්අඩංගුවට පත්වු රත්‍තරන් තොගයේ වටිනාකම රු. 36,219,000/- ලෙස තක්සේරු කර ඇත. සිද්ධිය සම්බන්යෙන් රේගුව වැඩිදුර විමර්ශන පවත්වා රත්තරන් තොගය රාජසන්තක කර දඩ පැනවීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් කටයුතු සිදු කරනු ලබයි.
