කුරුණෑගල,මැණික්හින්නේ නිවසක් තුල නිධන් හෑරූ පස්දෙනෙක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සිදුකර තිබේ. මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තෙපිටිය මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.ජි.ජේ. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මැණික්හින්න පොලිස් වසමේ අංක 09/05, සෙත්සිරි පෙදෙස, මැණික්හින්න ලිපිනයේ පිහිටි නිවසක දී නිධන් ගැනීමේ අදහසින් කැණිම් කරමින් සිටි වයස අවුරුදු 32,36,37,41 පසුවන මැණික්හින්න, ජා ඇල, හඳගනාව, කෙන්ගල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු එම යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැණික්හින්න පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙහිදි WIPRO වර්ගයේ රොටරි හැමර් එකක්, EINHELL වර්ගයේ හිල්ටි හැමර්එකක්, .කුළු ගෙඩියක්,අලවංගු දෙකක්,විදින කටු දෙකක්,හිල්ටි පෙට්ටියක්, යකඩ බටයක්, මල් පහන් සුවඳකූරු ඇතුලුව අනෙකුත් පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 20 කට ආසන්න කේරළ ගංජා සමග පුද්ගයෙකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අධ්‍යක්ෂක බුද්ධි වී.ජී.ඩී.ආර්. කරුණාරත්න මහතාගේ හා බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති ව්ශේෂ මෙහෙයුම් අංශ III හි පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) කිරුළපන පොලිස් වසමේ සීබා ඇවිනිව්, අංක 236/3, විජය කුමාරතුංග මාවත, පොල්හේන්ගොඩ ලිපිනයේ පිහිටි SPICE NOOK ආපනශාලාව ඉදිරිපිට දී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 06, ග්‍රෑම් 135 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක කිරුළපන පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
