ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයෙක් නීති විරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ අබලි ලෝහ අඩංගු අඩි විස්සේ බහාලුම් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන (30) පරීක්ෂාවට භාජනය කළේය. එහි දී මෙම බහාලුම් දහය තුල තිබී අබලි තඹ, ඇලුමිනියම් සහ යකඩ මෙට්‍රික් ටොන් 140 ක් සොයා ගෙන තිබේ. මෙම අබලි ලෝහ වල මුළු වටිනාකම රුපියල් මිලියන 60 කට වඩා අධික බව ගණන් බලා ඇත.
මෙම බහාලුම් තුල ස්වාභාවික ක්‍රේප් රබර් මෙට්‍රික් ටොන් 140 ක් අඩංගු වන බව අපනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ලැබු රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබූ අතර සැකකරු එය ඉන්දියාවට අපනයන කිරීමට උත්සාහ කර ඇත.
මෙම නීති විරෝධී අපනයනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට සැකකරුවන්ට දඩ පැනවීමට නියමිතයි
