23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ගජමිතුරන් වෙනුවෙන් කරන සෙල්ලම දේශපාලන සල්ලාලකමක් - විපක්ෂ නායක සජිත් කියයි.

ගජමිතුරන් වෙනුවෙන් කරන සෙල්ලම දේශපාලන සල්ලාලකමක් – විපක්ෂ නායක සජිත් කියයි.

තමන්ට හිතවත් දේශපාලන ගජමිතුරන්ව මහ බැංකුවට රැගෙන ඒම වෙනුවෙන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අවලාද නොනගන ලෙසත්, එවැනි දේශපාලන සෙල්ලම් හරහා සල්ලාලකම් නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණීම පිලිබඳ සිය ප්‍රසාදය සහ සතුට පලකරන බවද විපක්ෂ නායක පැවසීය.

රට බංකොලොත් වූයේ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වරදින් බව කී විපක්ෂ නායකතුමා, තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන් නිස්කාරණේ මහබැංකු අධිපතිවරයාට චෝදනා කරන බව පැවසීය.

වර්තමාන මහබැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු බවට ප්‍රලාපයක් ආණ්ඩුව විසින් ගොඩනගන බව කී විපක්ෂ නායකතුමා, සත්‍යවශයෙන්ම ද්විත්ව පුරවැසියෙකු මහබැංකු අධිපති කළේ කවුද කියා රටම දන්නා බවද විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තව කටයුතු කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට පටු අරමුණු වලින් තොරව ශුද්ධ වූ අරමුණකින් එක්විය යුතු බවද කීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments