මේවසරේ ජනවාරි (01) ජූලි මස (31) දින දිවයින පුරා සාර්ථක වැටලීම් 18,164 ක් සිදු කිරීමට සමත් වී ඇත. එහිදි 15,290ක් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ තුල 2,874ක් කාන්තාවන්වේ. අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දෙදහස් පන්සීයක් බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 14,562ක්, වස,විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 2,801ක්,දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 801ක් කර තිබේ.
නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය 457ක්, නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය/ විකිණීම,200ක්, නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම 9,113ක්, නීති විරෝධී ලෙස මහා රා සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම,2,298,නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම1,046,නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම,1,173,සුරා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි වීම 265, මුළු වැටලීම් සංඛ්‍යාව 14,562 ක්වේ.
හෙරොයින් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය1,652ක්, කොකේන් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය17ක්, නීති විරෝධී ලෙස ගංජා සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය 934ක්, නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම16ක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ග්‍රහණ182 ඒ අනුව මුළු ග්‍රහණ සංඛ්‍යාව 2,801ක්වේ.
බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබා ගැනීම 433ක්, අවුරුදු 21න් පහල පුද්ගලයන්ට දුම්කොල නිෂ්පාදන විකිණීම් 31ක්, ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය 113ක්,වෙනත් දුම්කොල සම්බන්ධ අපරාධ 224ක් ඒ අනුව මුළු ග්‍රහණ සංඛ්‍යාව 801ක්වේ.
මෙම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 15,290 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර
ඒ අතරින් 2,874 ක් කාන්තාවන් වේ.
මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගන්නා ලැබු නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 250 ඉක්මවයි.මෙම ග්‍රහණයන් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් එ්කක 5 ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම් වලින් සමන්විත වේ.