29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරමෙකුගෙු සාමාජිකයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරමෙකුගෙු සාමාජිකයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් හෙවත් හොරණ නීලක යන අයගේ සමිපතම සාමාජිකයින් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි සාමාජිකයන් තිදෙනකු පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පො.ප. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) පිළියන්දල පොලිස් වසමේ පිලියන්දල, කැස්බෑව මාර්ගයේ ශාන්ති විහාරය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ මියගොස් සිටින ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් හෙවත් හොරණ නීලක යන අයගේ සමිපතම සාමාජිකයින් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි වයස අවුරුදු 27 හා 32 පසුවන පුද්ගලයන් තිදෙනෙකු කේරළ ගංජා ග්‍රෑමි 718 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහි පුද්ගලයන් දෙදෙනෙකු යුධ හමුදා සේවය හැර ගොස් සිටි අය වෙි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments