30 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත කාන්තාව පොලිසිය විසින් සොයා ගැනේ

IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත කාන්තාව පොලිසිය විසින් සොයා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ දී ඉන් පළා ගිය 25 හැවිරිදි කාන්තාව ඇහැළියගොඩ, සිදුරංගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මේ වන විට ඇයව රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කල බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

මෙම කාන්තාව පසුගියදා සිය කොවිඩ් ආසාදිත කුඩා දැරුවාද රැගෙන IDH රෝහලෙන් පළා ගොස් තිබුණා. පසුව ඇය සිය දරුවා ඥාති නිවසක තබා ඉන් පිටව ගොස් තිබුණා.

මෙම කාන්තාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර පසුව අද රාත්‍රීයේ දී ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයේදී එම කාන්තාව සොයා ගැනීමට හැකිවී තිබුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments