30 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්ඊයේ තවත් කොවිඩ් මරණ 9 වාර්තාවෙයි

ඊයේ තවත් කොවිඩ් මරණ 9 වාර්තාවෙයි

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.

එම විස්තර මෙසේය,

01. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වය සහ ආසාදන කම්පනය වේ.

02. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොවිඩ් -19 ආසාදනය වීමය. 

03. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 නිව්මෝනියා තත්ත්වය වේ.

04. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි. නිවසේදී  මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ හෘදයාබාධයකි.

05. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ හෘදයාබාධයකි.

06. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ හෘදයාබාධයකි.

07. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය වේ.

08. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මුලික රෝහලට යවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ උග්‍ර නිව්මෝනියා තත්ත්වය වේ.

09. 76 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව IDH රෝහලට යවා ඇත. එම රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියාව සහ ලේ විෂ වීමය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments