30 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්රියදුරු බලපත් සඳහා යෝග්‍යතා වෛද්‍ය සහතිකය e-Channeling මගින්

රියදුරු බලපත් සඳහා යෝග්‍යතා වෛද්‍ය සහතිකය e-Channeling මගින්

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e-Channeling) සේවාව හරහා තමන්ට පහසු වේලාවක් වෙන් කරවාගෙන  එම වෙන් කරවා ගත් කාලය තුළ සියලු වෛද්‍ය පරීක්ෂණ   සිදු කර වෛද්‍ය සහතික කඩිනමින් ලබා ගැනීමට හැකිවන පරිදි ඒම සේවාව හඳුන්වාදීම අද දින (2020.11.20) නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන්ගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඊ චැනලින් (e-Channeling) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒක්ව ගෙනෙන මෙම සේවාව ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ට ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ජාලය මගින් අංක 1225 ට ඇමතීමෙන් ලබා ගැනීමට මේ අනුව පහසුකම් සැලසේ. මෙම සේවාව  දිවයින පුරා පිහිටි සියලුම ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ ශාඛා මගින් ද ලබා ගත හැකිය.

මෙම සේවාව හඳුන්වා දීම නිසා පෝලිම්වල රස්තියාදුවීමකින් තොරව, කාලය ඉතිරි කර ගනිමින් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන වෛද්‍ය සහතිකය ලබා ගැනීමට රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට පහසුකම් සැලසේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ඩී අල්විස්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන්, ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනී චම්පිකා අමරසූරිය මහත්මියද, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ෂවේන්ද්‍ර ගමගේ මහතා ද ආරාධිතයන් හා අදාළ අංශවල නිළධාරීන් සමග මාධ්‍යවේදීන් ද සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments