31.8 C
Sri Lanka
Wednesday, August 20, 2025
Homeදේශීය පුවත්නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරමින් තවත් අමාත්‍යංශ දෙකක් නම් කර තිබේ.

තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එම නව අමාත්‍යංශ දෙක බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය වන්නේ, සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නිතීය හා සාමය පවත්වා ගැනීම.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments