29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedකැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

පොලීසිය පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.

මේ අතර අදාළ වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ තුවක්කුවකින් සිදුකරන්නට ඇති බවටද පොලීසිය සැකපළකරයි.

කැලණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments