සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන පූගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සිදුකර තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) කහතුඩුව පොලිස් වසමේ අංක 119/G, අම්බලංගොඩ, පොල්ගස්ඕවිට යන ස්ථානයේ දී වැටලීමක් සිදු කර එක් ලක්ෂ තිස්දහකට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 38 ක, කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද වැඩිදුර විමර්ශන කටයුතු කිරීමේ දී සැකකරු ඉකුත් ජූනි (06) අලුත් මාවත, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිදු කරණ ලද මනුෂ්‍ය ඝාතනය සදහා ආධාර අනුබල දීම හා සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන පූගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙකු බවට කරුණු අණාවරණය වී ඇත.
මෙම සැකකරු සන්තකයේ තිබී වෙනත් පුද්ගලයන්ගේ නමින් ලියාපදිංචි කර ඇති රියදුරු බලපත්‍ර 02 ක්, ආදායම් බලපත්‍ර 02 ක්, ජංගම දුරකතන 02 ක්, මුදල් පසුම්බියක්, සැකකරුගේ ක්‍රියාකාරකම් වලට අදාල CD පටයක් ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් තියුණු මන්නා පිහියක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකයෙ හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) බටපොල පොලිස් වසමේ පොල්ලැව්ව, බටපොල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදු කර නිවස පරික්ෂා කිරීමේ දී විදේශීය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිණි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 09 ක්, විදේශීය රටක නිෂ්පාදිත නොම්බර් 12 වර්ගයේ ගිණි අවියක්, T56 අජීවී උණ්ඩ 02 ක්, 38 වර්ගයේ අජීවී පිස්තෝල උණ්ඩ 01 ක් හා තියුණු මන්නා පිහියක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 55 ක, පොල්ලැව්ව, බටපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා බටපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙලෙස මෙම ගිණි අවි කුමණ හේතුවක් මත සන්තකයේ තබාගෙන සිටියේ ද යන්න පිළිබද විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදු කරණු ලබයි.
එළවළු වගාවක් ලෙස නිවසක හරිතාගාරයක් තුල ඉතා සූක්‍ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් ප්‍රභේදයක් වන කුෂ් (ගංජා) පැළ සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තේපිටිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මීපිලිමාන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.යූ. සමරසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩබ්.පි.එස්. විමලවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ග්‍රීන් හවුස් ලෙස සකස්කරණ ලද ගෘහස්ථව ඉතා සුක්ෂම අයුරින් වගා කළ හයිබ්‍රිඩි වර්ගයේ දෙමුහුන් ප්‍රභෝදයක් වන කුෂ් (ගංජා පැළ) විවිධ ප්‍රමාණයේ උස කුෂ් පැළ 71 ක වගාවක් පවත්වාගෙන ගිය නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදි. විදේශීය රටවල් වල වගා කරන ප්‍රබෝධයක් වන මෙම දෙමුහුන් වර්ගයේ ගංජා ප්‍රබෙිදය ඉතා රහසිගත ලෙස මෙම සැකකරු විසින් වගා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රජයේ ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොමැතිව ඖෂධ හලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තේපිටිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.බී. ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) හැටන් පොලිස් වසමේ අංක 15/4, ඩම්බාර පාර, හැටන් ලිපිනයේ දී වැටලීමක් සිදුකර ලියාපදිංචි නොකර ඖෂධ හලක් පවත්වාගෙන යමින් රජයේ ලියාපදිංචි ඖෂධවේදියෙකු නොවන පුද්ගලයකු මානසික රෝගීන් සදහ වෛද්‍ය නිර්දේශ මත පමණක් නිකුත් කරනුලබන වෙිදනා නාෂක පෙති වන PREGAB මත්පෙති 282 සන්තකයේ තබාගෙන වැඩි මිලට අළෙවි කරමින් සිටි බණ්ඩාරණායක චතුරස්‍රය, තලවකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක නිලධාරී වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත්පුද්ගලයායාගෙන් සිදුකල ප්‍රශ්න කිරිමි වලදි මෙම පෙති අදිකලෙස හෙරොයින් පානයකරන පුද්ගලයන්ගේ ඉල්ලීමවලට අනුව රුපියල් රුපියල් 2500 සිට ඉහලමිල ගනන් වලට නිකුත් නිකුත් කරනබවට හෙලිවී ඇත
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) වැල්ලම්පිටිය පොලිස් වසමේ අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ පිහිටි මීතොටමුල්ල පල්ලිය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 200 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් ලක්ෂ 6,000,000.00 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගන්නා ඩිජිටල් තරාදියක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික වේ
රජය විසින් තහනම් කර ඇති වල් නාශක තොගයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී යපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) මැදවච්චිය පොලිස් වසමේ මෛත්‍රීපුර ජල පොම්පාගාරය අසල දී වැටලීමක් සිදුකර තීරුබදු නොගෙවා මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද, මෙරට ලියාපදිංචි නොකරන ලද හා රජය විසින් තහනම් කර ඇති Anu 71 (Ammonium Salt of Glyphosate 71%sg) වර්ගයේ තහනම් වල් නාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 500 සන්තකයේ තබාගෙන සිටි උපුල්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජීව උණ්ඩ, පිස්තෝල මැගසින් 01 ක් හා නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජි.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොක්මාදුව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (14) මිද්දෙනිය පොලිස් වසමේ අංක 140, ජනඋදානගම, මිද්දෙනිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මි.මී. 09 ජීව උණ්ඩ 06, පිස්තෝල මැගසින් 01 ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 12,000 ක් සන්තකයේ සන්තකයේ තබාගෙන සිටි මිද්දෙනිය ප්‍රදේශයේ වයස අවුරුදු 61 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.