25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ජනපති සහභාගීත්වයෙන්.

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ජනපති සහභාගීත්වයෙන්.

කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පැවැත්වීම සහ මියන්මාරයේ සිට වැඩම කරවන ලද පද්මාකාර කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය.59 වන වරටත් පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පාවඩ පෙරහර ආරම්භ කරමින් ධාතු මන්දිරයේ සධාතුක කරඬුව තැන්පත් කිරීම අනතුරුව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, ‍කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ සහ වාලුකාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත ස්වාමින් වහන්සේ මෙහිදි සඳුන් දැවයෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක යන මහත්වරු සහ බුරුම තානාපතිවරයා ද, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments