රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති ගජමුතු 08 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලුම වැටලීම් සිදුකර තිබේ.
විශේෂ කාර්ය බලකාය කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කුලීගොඩ උප කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (23) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අංක 7/ඒ/1, මාගල උතුර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස විවිධ බර ප්‍රමාණයෙන් යුතු ගජමුතු 08ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක, මාගල උතුර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් වියළි ගංජා හා මත් පෙති අලෙවිකල පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) චීනවරාය පොලිස් වසමේ ත්‍රිකුණාමලය කින්නියා මාර්ගයේ, පළමු දුම්රිය හරස් මාර්ගය පසු වී ටෝකියෝ සිමෙන්ති කම්හල අසල දී වැටලීමක් සිදු කර පාසල් ලමුන් ඉලක්ක කර ගනිමින් වියලි ගංජා හා මත් කරල් ජාවාරමේ යෙදී සිටි වයස අවුරුදු 31 ක, පෝද්දල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වියළි ගංජා ග්‍රෑම් 15 ක් සහ PREGABALIN මත් කරල් 51 ක් ද, අලෙවියෙන් උපයාගන්නා රුපියල් 1,200 ක කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී.එන්. ලීලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) කහවත්ත පොලිස් වසමේ අංක 32ඒ/1, පාලම අසල, වැල්ලන්දුර, කහවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදු කර
කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි වයස අවුරුදු 46 ක, වැල්ලන්දුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු රුපියල් විසි පන්දාහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා ග්‍රෑම් 171 සහ ජාවාරම් කිරීමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 186,400 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.මුදලක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා චීනවරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.එම්.පී.ජී.එස්. රත්තෙපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩි.බී කන්දේකුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මහනුවර හා පල්ලේකැලේ පොලිස් වසම් තුල මහනුවර හා පල්ලේකැලේ යන ප්‍රදේශයන් වල දී වැටලීම් සිදු කර වැටලීම් 04 ක් සිදු කර නිසි බලධරයකුගේ අවසරයකින් තොරව මත්කරල් (Pregabalin Capsules) සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 22 ත් 24 අතර වයසේ පසුවන, මහනුවර, කුණ්ඩසාලේ සහ සුදුහුම්පල යන ප්‍රදේශයන් වල පදිංචි තරුණයන් සිව් දෙනෙකු PREGABALIN මත් කරල් 120 ක් ද, සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මහනුවර හා පල්ලේකැලේ පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

