21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ඉන්දියාවේ සිට ආපසු පැමිණි සහ ආපසු පැමිණෙන සරණාගතයින් මුහුණ දෙන ගැටළු විසඳීම...

ඉන්දියාවේ සිට ආපසු පැමිණි සහ ආපසු පැමිණෙන සරණාගතයින් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

එය අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ, හානි පුර්ණ කාර්යාලය (OR) සමඟ එක්ව ක්‍රියාත්මක වේ. ඒ සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර නැවත පැමිණෙන පුද්ගලයින් සඳහා අදාළ ලිපි ලේඛන ප්‍රමාදයකින් තොරව ලබාදීමේ ක්‍රියාදාමයන් පහසු කිරීම එම කමිටුව විසින් සිදු කරනු ලබයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ හානි පූර්ණ කාර්යාලය යන ආයතනවල නියෝජිතයන් මෙම කමිටුවට ඇතුළත් වේ.

2018 අංක 34 දරන හානි පූර්ණ කාර්යාල පනතට අනුකූලව ගැටුම්වලට ගොදුරු වූවන්ට සහන සැලසීමේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන හානි පුර්ණ කාර්යාලය (OR) විසින් ඉන්දියාවේ සිට ආපසු පැමිණි සරණාගතයින් මුහුණ දෙන ගැටලු විසඳනු ලැබේ. ගරු අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි එවැනි තොරතුරු රැස් කිරීම සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

මෙම විශේෂ කමිටුවේ සාකච්ඡාවක් පසුගියදා පැවති අතර ඒ සඳහා එක්වෙමින් හානි පුර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Nazeema Ahamed මහත්මිය විසින් අවශ්‍ය ලිපි ලේඛන නොමැති වීම, උප්පැන්න සහ විවාහ සහතික ලබා ගැනීමේ ප්‍රමාදය, දඩුවම් ඇතුළු කරුණු සරණාගතයින් මුහුණ දෙන ප්‍රධාන ගැටළු ලෙස පෙන්වා දෙන ලදී.
සරණාගතයින්ගේ ශ්‍රී ලාංකික උප්පැන්න සහතික සහ පුරවැසි සහතිකය ලබා ගැනීමට හැකිවන පරිදි එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහ ඔවුන්ගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සනාථ කිරීම සඳහා උපකාරක ලියකියවිලි ලබා ගැනීම සඳහා සහය ලබා දීම සඳහා හැකි සෑම විටම සරල යාන්ත්‍රණයක් සැකසීමට කමිටුව එකඟ වී ඇත.

ඒ අනුව කමිටුව විසින් දැනටමත් ලේඛනමය සහාය ලබා දීම සඳහා අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මාසයේ උතුරු පළාතේ ජංගම කඳවුරක් සංවිධානය කිරීම, දැනට කොළඹ ප්‍රධාන කාර්යාලය මගින් හසුරුවන පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ලේඛන භාර ගැනීම, සරණාගතයින්ට මෙම ලේඛනවලින් ඇතැම් ලේඛන ඉදිරිපත් කිරීමට අපහසු බැවින් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛනවල පිරික්සුම් ලැයිස්තුව නැවත බැලීම.සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් සඳහා වන දඩ ගෙවීම් ඉවත් කිරීම හා අඩු කිරීමයන තීරණ ගෙන තිබේ.

ඇතැම් ඉන්දියානු ආයතනවලින් ලබාගත් වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් පිළිගැනීම හා ගැටලු විසඳීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ වෙන වෙනම රැස්වීම් පවත්වනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments