21.4 C
Sri Lanka
Thursday, August 21, 2025
Homeදේශීය පුවත්පාසැල් සිසුවාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසැල් සිසුවාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන දෙසැම්බර් 02 වෙනිදා දක්වා රක්ෂිත බනධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

පන්නිපිටිය, ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවෙකු පන්දුව ක්‍රීඩා පිටිය අසල පිහිටි වත්තකට යාම නිසා එය නැවත ගැනීමට යාමේදී මෙම වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරයාව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments